Tuesday, July 26, 2016

කැම්පස් කොළම

‘‘ශිෂ්‍යයෝ කරන්න ඕන ශිෂ්‍ය දේශපාලනය.’’
සිංහල දේශනය කරන ආචාර්යවරයා කිව්වේ අපේ යුනියන්එක ගැන.
‘‘යුනියන් එකේ අය රැුවටිලා.’’
‘‘බබාලද සර් රැුවටෙන්න. උන් කරන්නේ අනිත් අය රවට්ටන එක.’’
‘‘කරන්න තියෙන්නේ ඔයාලා දේශපාලනය කරන එකනේ.’’

 
‘‘වේලාව තියනවාද සර්. මේ එසයිමන්ට් නිසා ගෙදර යන්නවත් නැහැ. මල ගෙයක් උනාමත් සල්ලි එකතු කරන, වලං හෝදන එකේ ඉදන්, පෝස්ටර් ගහන්න. මීටින් ගන්න, වැඩ කෝටියයි. ඕවා කරන්න පුලූවන්ද සර් අපිට.’’
‘‘නායකත්වය කියන්නේ වැඩ කරන එක නෙමෙයි, මග පෙන්වන එක. මම කිව්ව අර කන්නංගර විද්‍යාලයේ ඩෙස් පුටු දෙන වැඬේ. ඒකට අපේ අයගෙන් ගාණක් ගන්න පුලූවන් වෙයි. ඔයාලාට කොච්චිවල උනත් කැටේ කරන්න මම ඞීන්ගෙන් ලියුමක් අරන් දෙන්නම්. ඔය යුනියන් කාරයන්වත් වැඬේට සෙට් කරගන්න. කැට හොල්ලලා. පෝස්ටර් ගහන එකේ. ඇත්තට ඉගෙන ගන්න ළමයින්ට වැඩක් කරන්න පුලූවන්නේ.’’
‘‘අර යන්නේ යුනියන් එකේ සභාපති, මම ඌට කතා කරන්නම්
සර් කතා කරන්න.’’
පෝස්ටර් රොලක් අරන් යන සභාපතිට කන්නංගර විද්‍යාලයේ වැඬේ ගැන කිව්වාම ඌ කුප්ප හිනාවක් දැම්මා.
ඔව් ‘‘සර් ඒකත් හොද වැඩක් අපි පුලූවන් විදිහට උදව්වක් කරන්නම් හැබැයි සර් අපි රජයට බදු ගෙවනවනේ, අධ්‍යාපනය සෞඛ්‍යය වගේ සුබසාධනය දෙන්න. පාලකයෝ ඒ සල්ලි ඒවට වෙන් කරන්නෙ නෑ හැමදාම වෙන්කරන මුදල් අඩුකරනව, අපි කරන්න ඕන ඕක කරන ගමන්ම පාලකයන්ගෙන් ඉස්කෝල වලට පහසුකම් ඉල්ලා සටන් කරන එක
‘‘ලංකාව වගේ රටකට හැම දෙයක්ම සියයට සියක් රජයට කරන්න බැහැනේ පුතා.’’
බැරි මොකෝ සර් ආරකෂක වියදම් රටේ ආදායමෙන් 3රැු1 විදම් කරනවනෙ ඒක අපිට හිර ගෙවල් හදන්නයි අපෙ ඔලූ පලන්න බැටන් පොලූ ගේනනයි අපිටම ගහන්න කදුලූ ගෑස් ගෙන්නයි අපි පාරට බහිද්දි අපිටම වේඩි තියන්න වෙඩි උණ්ඩ ගෙන්නයිනෙ
ඉතින් සර් ඒ සල්ලි අධ්‍යාපනේට වෙන් කලානම් අපි පාරට බහින්නේ නෑනේ. පාලකයන්ට එහෙම කරන්න උවමනාවක් නෑ. මොකද අධ්‍යාපනය විකුණන එක රජයේ ප‍්‍රතිපත්තිය වෙලා ඉවරයි. එනිසා රජය කරන්නේ අධ්‍යාපනේ සෞඛ්‍ය වගේ සුභසාධන දේවල් පවා ධනපති ව්‍යාපාරිකයන්ට සල්ලි හොයන්න පුලූවන් වෙළඳ භාණ්ඩ කරන එක.
මිනිහ සර්ටත් ටෝක් කරනවා.
හරි හරි එතකොට ‘‘දැන් මේ වැඬේට සහයෝගයක් දෙනවද?
ඔව් උදව් කරන්නම් හැබැයි සර් ශිෂ්‍යයෝ කැට යන්නේ කලාව, නිදහස් , නිදහස් සෞඛය, රැුක ගන්න විතරයි. අපේ කැටවලට දාන හැම සතේකටම අපි වග වෙනවා. රටේ මිනිස්සු බදු ගෙවල තියෙද්දි රජයෙන් කරන්න තියන ඒවා අපි මොකටද කරන්නේ කියලත් ටිකක් හිතුවොත් හොදයි’’
‘‘එතකොට ශිෂ්‍ය දේශපාලනය කරනවා වෙනුවට ශිෂ්‍යයන් රවට්ටලා දේශපාලනය කරන්න විතරද කැට යන්නේ.’’
සර් ඇහුවේ සුපිරි ප‍්‍රශ්නයක්. එත් ඌ ඒකටත් හිනා වෙනවා.
‘‘ශිෂ්‍ය දේශපාලනය කියන්නේ මොකක්ද සර්. මම එහෙම දෙයක් දන්නේ නැහැ. ලෝකේ දේශපාලන ධාරා දෙකයිනේ තියෙන්නේ, පාලකයන්ගෙ උවමනාව වෙනුවෙන් තියන දක්ෂිණාංශික දේශපාලනය, අනික ලෝකෙ දුප්පත් මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන වාමාංෂික දේශපාලනය. අපි කරන්නේ අපේ පංතියේ දේශපාලනය. සර්ලා ඔය කියන ශිෂ්‍ය දේශපාලනය කියන්නේ..
දහස් ගාණක් මිනිස්සු ගෙවල් නැතිව දුක් විදිද්දි ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නොකර අපිට නේවාසිකාගාර දිනා ගන්න සටන් කරන එක විතරක්නම්
දහස් ගාණක් මිනිස්සු කුණු කන්දක ජීවත් වෙන්න බැහැ කියලා සටන් කරද්දි ඒ සටන් දිහා නොබලා කැම්පස් එකේ කුණු ගෙනියන්න පමා වෙද්දි ඒකට විතරක් කතා කරන එක විතරක්නම්,
දහස් ගානක් රැුකියා නැතිව දුක්විඳිද්දි ඒ අරගලවලට හිනාවෙලා අපිට රස්සා ගන්න සුදුසුකම් එකතු කරන එක විතරක්නම්,
බෙහෙත් ගන්න පහසුකම් සහිත රෝහල් නැතිව මිනිස්සු මැරෙනකොට ඒ දිහා බොරු අනුකම්පාවකින් බලලා විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි කරගන්න එක විතරක්නම්,
සමාජයක අධ්‍යාපන අයිතිය අහිමි කරලා අධ්‍යපනය වෙළඳ භාණ්ඩයක් කරන්න හදනකොට අපේ උපාධිය විතරක් ගන්න එක විතරක්නම්,
සමස්ථ රටම ජාති, ආගම්, විදිහට බෙදිලා ඇණකොටා ගන්න කොට, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට, කැම්පස් එකෙත් විෂය සංගම් විදිහට අපිත් බෙදිලා වෙන්වෙන එක විතරක්නම්,
අයිතිවාසිකම් වෙනුවෙන් හඩ න`ගන මිනිස්සුන් මර්දනය කරන කොට ඒ වෙනුවෙන් කතා නොකර ශිෂ්‍ය මර්දන ගැන විතරක් කතා කරන එක විතරක්නම්,
අපි කිසිම මොහොතක ශිෂ්‍ය දේශපාලනය කරන්නේ නැහැ. ලස්සන වචන දාලා අහිංසක ශිෂ්‍යයන්ට බොරු කරලා සර්ලා කියන ශිෂ්‍ය දේශපාලනයේ තියන්නේ අමු අත්මාර්ථකාමී නරුමත්වය විතරයි. අපි සටන් කරන්නේ මනුෂ්‍යත්වයත් මනුෂ්‍යත්වයේ අයිතීනුත් රැුකගන්න. සටන් කරන්න කොන්ද පණ නැති මිනිස්සු හිත සනසගන්න පැලැස්තර වැඩ කරාට මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසඳෙන්නෙ නැහැ. විසදන්න පුලූවන් නිශ්චිතව අයිතීන් දිනා ගත්තොත් විතරයි. අපි කියන්නෙ, මිනිස්සුන්ගේ අයිතින් පිළිගන්නවානම් මහ පාරට එන්න. අපේ දේශපාලනය මහ පාරේ තියන්නේ. ඒකේ ප‍්‍රශ්න තියනවානම් කතා කරමු. වැරදි තියනවානම් නරුම ධනවාදයට කඬේ යන්නේ නැතිව පෙන්නන්න. අපි හදා ගන්නම්.




0 comments:

Post a Comment