”මෙම නිදහස් අධ්‍යාපන කළාප ඉදිරි අයවැයේ යෝජනාවක් ලෙස ඇතුළත් කිරීමට අපි සලකා බලනවා. මෙහිදී, පුද්ගලික ආයෝජකයෙකුට මෙවැනි නිදහස් අධ්‍යාපන කළාපයක් පිහිටුවීමට අක්කර 100 ක පමණ ඉඩමක් රජයෙන් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. එම ආයෝජකයාට පුළුවන් එම කළාපයට විදේශීය විශ්වවිද්‍යාල ගෙන්වා ගැනීම, පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් නේවාසිකාගාර, ක‍්‍රීඩා පිටි වැනි පහසුකම් දියුණු කිරීම එහි කරන්න.’’
මේ ස`දහා අධ්‍යාපන වෙළ`ද කලාප ගම්පහ, පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට, ත‍්‍රීකුණාමලය, මහනුවර යන දිස්ත‍්‍රික්ක නම් කරගෙන ඇත. 1977 ලංකාවට විවෘත ආර්ථිකය හ`දුන්වාදීමත් සම`ග අධ්‍යාපනය විකිණීම ස`දහා ධනපති පාලකයන් ගන්නා ඉතාම තීරණාත්මක උත්සහයක් ලෙස මෙය දැක්විය හැකිය.
මෙම ඊනියා නිදහස් අධ්‍යාපන කළාප යනු සැබැවින්ම නිදහස් අධ්‍යාපන වෙළ`ද කලාප බව ඉතා පැහැදිළිය. මෙහි ඇති තවත් විහිලූ සහගත දෙය නම් මෙලෙස ආරම්භ කරන ප‍්‍රථම විදේශීය විශ්වවිද්‍යාලය එංගලන්තයේ සෙන්ට‍්‍රල් ලැන්කැෂයර් සරසවිය විසින් ගම්පහ අක්කර 100 ක පමණ ඉඩමක පිහිටුවීමට යන අතර එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ලංකාවට පැමිණෙන චාර්ල්ස් කුමරු විසින් එයට මුල් ගල තැබීමට නියමිත වීමය.
මේ සියල්ල කි‍්‍රයාත්මක වන්නේ විසිඑක් වන සියවස සදහා උසස් අධ්‍යාපනය (HETC) නමින් ලෝක බැංකුව විසින් ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ණය ආධාරය යටතේ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ දක්වා තිබුණි. මේ සියල්ල එක්ව ගත් විට පැහැදිළි වන්නේ සියලූ ඊනියා දේශපේ‍්‍රමීගේ සංවර්ධන ප්‍රෝඩා මැද අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමේ නවලිබරල් ධනවාදී උවමණාවන් කිසිදු හිරිකිතයකින් තොරව ලාංකේය සමාජය බිලි ගන්නා බව පමණි.
0 comments:
Post a Comment