Tuesday, May 2, 2017

සයිටම් අහෝසි කිරීමේ සටනට ජනතා බලවේග සීරුවෙන් වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම්

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් විකුණන නවලිබරල් වැඩපිළිවෙලෙහි නියමු ව්‍යාපෘතියක් වන සයිටම් හොර උපාධි කඩයට එරෙහිව අරගලය තීව‍්‍ර වීමත් සමග රනිල් - මෙත‍්‍රී හවුල් ආණ්ඩුව ප‍්‍රමුඛ ධනපති පාලක පංතිය හා උන්ගේ ඒජන්තයෝ වියරු වැටී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සළුපිළි උනා දමමින් රාජ්‍යයේ සියලූ මර්දන උපකරණ මුවහත් කරමින් සිටිති. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ, පොලිසි, හමුදා, ජනමාධ්‍ය හා සියලූ ධනපති යාන්ත‍්‍රණ මෙහිදී පොදු සම්මුතියකට එළඹී සිටින අතර වියරු පොලිස් ප‍්‍රහාර හා මිනීමරු තර්ජන හරහා ජනතා අරගලය දුර්වල කිරීමට උත්සාහ කරති. එහෙත් ඒ සියලූ බලපෑම් නොතකා ශිෂ්‍ය ව්‍යාපාරය, අනෙකුත් සමාජ බලවේගයන් ද
සමගින් අභීතව සටන් වදිමින් සිටින අතර සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය මූලික කරගනිමින් සකල විධ ජනතා බලවේග අරගලය වටා ඒකරාශී වෙමින් ඇත.

ජනතා ඉල්ලීම්වලට පිටු පා ආණ්ඩුව සයිටම් අරක්ෂා කිරීමට දක්වන නිවට උත්සාහය ඉදිරියේ උද්ඝෝෂණ හා පෙළපාලිවලින් එහාට අරගලය තිව‍්‍ර කිරීමට බලවේග අතර එකගතා ඇති වෙමින් තිබෙන අතර ඉදිරියේදී වෛද්‍ය සංගම් ඇතුළුව තවත් වෘත්තීය සමිති ගණනාවක් වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයක් සදහා සූදානම් වෙමින් ඇත.

0 comments:

Post a Comment