හැමෝම තියෙන සොච්චම අඩියටම විය පැහැදම් කරල, හතර අතේ ණය වෙලා හරි කැවුම් කිරිබත් හදල, අළුත් ඇඳුම් ඇඳල හිටපු නිසා මේ පාර sun glass එකෙන් අළුත් අවුරුද්ද ගැන පසුවදනක් ලියන්න හිතුන' හැබැයි මේක වෙනද වගේ සමාජ-ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන් නැතුව, සමාජ සම්මතයන් පැත්තෙන් විතරක් බලලයි ලියන්නේ. ඒ මොකද එහෙම ලියන්න ගියොත් අළුත් අවුරුද්ද ගැන ලියන්න මේ පුංචි තීරුව ටිකක් මදි වෙයි කියල හිතුන හින්ද... එහෙනං ඕං'''
මේ සමාජය කියන්නේ මහ පුදුමාකාර එකක්. මේ සමාජ සම්මුතීන්ට අපි පුදුම විදිහට වහල් වෙලා. කොච්චර වහල් වෙලාද කියනවනම් ඒක හරියට අපි බට්ටො පනිනවා වගේ. අපි බට්ටො පනිද්දි ඉරි පෑගුනොත් අවුට් වෙනවා... ඒත් අපිට අමතක වෙනවා බට්ටො පනින්න ඉස්සෙල්ලා ඒ ඉරි ඇන්ෙ`ද අපිමයි කියල... මේ සමාජ සම්මුතීනුත් හරියට ඒ වගේ. අපි තව පැහැදිලි කරමුකෝ'
අපි ක්රිකට් මැච් එකක් බලද්දි සංගා ගහනවා ලකුණූ 99ක්.. මහේල ගහනවා ලකුණු 100ක්. ඒකෙදි වාර්තාවලට එකතු වෙන්නෙ මහේල විතරයි ශතකයක් වාර්තා කලා කියල. ඒ අපි 100 (ශතකය* කියන එක සම්මුතියක් විදිහට සලකන හින්ද... ඒත් ඒකෙන් කියවෙනවද මහේල සංගට වඩා හො`දින් එදා මැච් එකේ සෙල්ලම් කළා කියල@@@ උඹලගෙන්ම අහගෙන බලපන්'''
තව එකක්... අපි කුළු ගෙඩියකින් ගලක් කඩද්දි 1 වෙනි පාර ගහනවා.. ඒත ගල කැඩෙන්නෙ නැහැ'' 1 වෙනි එකාට බැරිවෙච්ච නිසා 2 වෙනි පාර වෙන එකෙක් ගහනවා.. ඒත් හරියන්නෙ නැහැ.. ඔහොම ඔහොම එක එකා ගහල අන්තිමට 100 වැනි පාර ගහන එකා අතින් තමයි ගල කැඩුනෙ කියල හිතමුකෝ... මුළු සමාජෙම වීරයෙක් කියලා ප්රශංසා කරන්නේ අර 100 වැනි පාර ගහපු එකාට විතරයි''' ඒත් අර කලින් 99 දෙනා ගලට කුළු ගෙඩි පාරවල් ගැහුවේ නැත්නම්, අර 100 වැනි එකාගේ පාර නේද 1 වැනි පාර වෙන්නේ@@@ එතකොට ගල කැඩෙයිද...@@@ උඹලගෙන්ම අහල බලපල්ලා'''
අපිත් හරියට ඒ වගේ. හැම අවුරුද්දකම අළුත් වෙන්න වෙනස් වෙන්න" පරණ දේවල් අමතක කරල කරල ජීවිතේ අළුතෙන් පටන් ගන්න හිතාගන්නවා... අපි ගිය අවුරුද්දෙත් කලේ... හිතාගත්තේ ඔය ටිකමයි නේද@@@ ඒ මොකද අළුත් අවුරුද්දක් උදා වෙනවා කියන එක සමාජ සම්මුතියක් හින්ද... අපිට වෙනස් වෙන්න නම් අළුත් අවුරුද්දක් එනකම් ඉන්නම ඕනෙද??? අපේ යාළුවන්ට හො`දක් වෙන්න" යහපතක් වෙන්න" කියල කියන්න අවුරුද්දක් ඉවර වෙනකම් ඉන්නම ඕනෙද??? ඊයෙ අපි වෛර කරපු ඊර්ෂ්යා කරපු එකාව අපි අද ආශ්රය කරන්නේ අළුත් අවුරුද්දට ආශ්රය කරන්න ඕනේ කියන සමාජ සම්මුතිය නිසා මිසක් එයාව තේරුම් අරගෙන අපි වෙනස් වෙලා නිසා නෙමේ නේද@@@
ඒ නිසා යාළුවනේ තව පාරක් හිතන්න... අපි නම් කියන්නේ.. අළුත් අවුරුද්දේ (අළුත් අවුරුද්ද කියන සමාජ සම්මුතිය නිසා* වෙනස් වෙන්න එපා. එපා.. එපා...
ඉතින් ඔච්චර කිව්ව එකේ මේ ටිකත් කියන්නම්' මේ තීරුවේ අද කතා කරපු අවුරුද්ද වගේ තවත් පරිණතව විනිවිද දකින්න ඕනෙ සමාජ සම්මුතීන් ගොඩක් තියෙනව' ඉතිං කලිනුත් කිව්ව වගේ මේ බට්ටො ඉරි අපිම ඇඳපු ඒව උනාට" ඒවාත් නිකංම පේන්නෙත් නෑ' ඒ ඒව එක එක දෘෂ්ටිවාදවලින් වහල තියෙන නිසා. ඉතිං මේ ඉරි පැහැදිලිව බලා ගන්න තමයි අපිට මේ මාක්ස්වාදය කියන sun glass දෙක උවමනා වෙන්නේ'
ඉතිං ලබන මාසේ අපි හම්බෙනකං ඉරි පාග ගන්නෙ නැතුව ඉන්න" මේ sun glass දෙක දාගෙන ඉන්න'
ජය'
0 comments:
Post a Comment