Thursday, July 2, 2020

ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරනු!ගම්පහ නගරයේදී ඒකාබද්ධ උද්ඝෝෂණයක්.


ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරන ලෙස බලකෙරෙන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ගම්පහ නගරයේදී (01) පැවැත්වුණි
මෙහිදී අදහස් දැක්වූ රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ ආසිරි – අබර්ඩින් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් යන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සියලුම පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරමින් ආසිරි – ඇබර්ඩීන් විසින් ලබාදෙන උපාධියට වෛද්‍ය සභාවේ පිළිගැනීමක් ලබා නොදෙන බව නිවේදනය කර ඇති බවද එම හිමියන් පැවසීය. එසේම බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා මෙම විශ්ව විද්‍යාලය ගැන නොදන්නා බවත් එය බොරු චෝදනාවක් බව පැවසුවත් එයට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදුවෙමින් පවතින බවද ජිනරතන හිමි පවසයි.

“අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් කොල්ල කෑමට උත්සාහ කරන්නේ නම් ජනතාව ලෙස අපි නිකම් ඉන්නෙත් නැහැ. ඒ වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව ආසිරි – ඇබර්ඩීන් අහෝසි කරන්න සූදානම් නැත්තනම් අපි සියලු බලවේග සමඟ එකතුව ඒ උපාධි කඩය මහ පාරේ අරගලයකින් අහෝසි කරනවා. “

මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ස්වාධීන ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, බහුජන සංවිධාන කිහිපයක් සම්බන්ධ විය.

මීට අමතරව ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහිව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් පසුගියදා (2020.06.30) පවත්වන ලදී. මේ සඳහා,

ලංකා ගුරු සංගමය
ලංකා ගුරු සේවා සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ විය.





0 comments:

Post a Comment