Friday, July 3, 2020

ආණ්ඩුව covid - 19 සෞඛ්‍ය උපදෙස් මාලාව නීතියක් බවට පත් කර නැ



මෙවර මැතිවරණය පැවැත්වීමට අදාලව සෞඛ්‍ය අංශ විසින් අනුගමනය කළ යුතු යැයි සදහන් කළ උපදෙස් මාලාව මෙතෙක් ගැසට් නිවේදනයක් මගින් නීතියක් බවට පත් කර නැති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණය අගෝස්තු මස 05 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලද්දේ covid -19 සෞඛ්‍ය උපදෙස් නීතියක් බවට පත්ව ක්‍රියාත්මක වන බවට වූ විශ්වාසයත් මත බවට එම සංගමයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සදහන් කළේය.
එම නිසා මෙම සෞඛ්‍ය උපදෙස් මාලාව නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළහ.
එසේම නිරෝධානය නීති උල්ලංඝනය කිරීම මේ වන විට 70කට ආසන්න ප්‍රමානයක් වාර්තා වී ඇති බවද
මැතිවරණය සාමය තුළදී බොහෝ දේශපලයින් අදාල සෞඛ්‍ය උපදෙස් මාලාවන් නොතකා කටයුතු කරනු ලැබුවද එයට අවශ්‍ය කරන්නා වූ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම සෞඛ්‍ය උපදෙස් මාලාව නීතියක් බවට ආණ්ඩුව විසින් ප්‍රශයට පත් නොකිරීම නිසාවෙන් බව ඔහු පවසයි.
නමුත් නිරෝධානය නිතින් වලට මුවා වී සටන් කරන බලවේග දිගින් දිගාටම මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම දකින්නට ලැබුණි .නිරෝධානය නීති යනු සටන් කරන බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුව යොදා ගන්නා බළල් අතක් බව පසුගිය සාමය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් පෙන්වා දී ඇත

0 comments:

Post a Comment