අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවක දී මෙම නින්දිත ජාවාරම සම්බන්ධව සාක්ෂි සහිතව හෙළිදරව් කළේය.එහිදී මධ්‍යම කමිටු සාමාජික ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා දැක්වූ අදහස් මෙසේය,
ජූලි මාසේ 12 වෙනිදා මත්තලට එන්න නියමිතව තියනවා ගුවන් යානයක් මියන්මාර් එයාර් ලයින් 5002 ක මේ ගුවන් යානය. මේ මියන්මාර් එයාර් ලයින් ගුවන් යානයෙන් ලංකාවට එන්න ඉන්නේ මැලේසියාවේ අධ්‍යාපන කටයුතු සදහා පිටත්ව ගිය ලාංකික සිසුන්.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයකුත් නෙමේ මැලේසියාවේ ඉන්න සිසුන් ලංකාවට ගෙන්න ගන්න ඇයි මේ මියන්මාරයේ ගුවන් සමාගම තෝර ගත්තේ ?
මේක ප්‍රශ්ණයක් .. මේ ගුවන් යානයෙන් ලංකාවට එන්න ප්‍රවේශ පත්‍රයක මිල රැපියල් එක්ලක්ෂ අටදාස් තුන්සීයක් වෙනවා.පී.සී.ආර් පරීක්ෂණයට රජයම රුපියල් හයදහසක පාලන මිළක් නිය්ටම කර තිබිය දී මේ එන අයගෙන් පීසීආර් පරීක්ෂනය සදහා රැපියල් දොලොස්දාස් පන්සීයක් අය කරනවා.මත්තල ඉදන් වස්කඩුව දක්වා ප්‍රවාහණයට රැපියල් පහලොස් දාහක් අය කරනවා.මේ අයව ගෙනියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්යා මෙහෙවරට උරදී සිටින ඉත ප්‍රකට කෝටිපති ව්‍යාපාරියකු සතු වන සිට්රස් හෝටලයට .
සිට්රස් හෝටලයේ කාමරවල කුලිය තනි කාමරයක් සදහා රැපියල් දොලොස්දාස් පන්සීයයි.දෙන්නෙක් ඉන්න පුලුවන් කාමරයක මිල රැපියල් හත්දාස් පන්සීයයි. අපි ඕන කෙනෙක් දන්නවා හෝටලයක එක් පුද්ගලයෙක් ඉන්න කාමරයකට වඩා දෙන්නෙක් ඉන්න කාමරයක මිල වැඩී කියලා.හැබැයි මෙතනදී වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත.
මේ එන්නේ විනෝදය ගත කරන පිරිසක් නෙමේ . මේ අය හැමෝම තනි තනි කාමරවල තමයි ඉන්න කැමති වෙන්නේ. තනිකාමරයක ඉන්න මේ එක් ශිෂයෙකුට එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් ගෙවන්න ඕන.කොහොමද දැන් මේ ජාවාරම.කොරෝනා නිසා සංචාරකයෝ හෝටල්වලට එන්නේ නැති වෙනකොට මේ සිට්රස් හොටලය සහ අනිකුත් බොහෝ හෝටල් ඒ ගොල්ලන්ගේ කාමර වල මිල අඩුකලා.
මේ ජාව්අ ගැන ආණ්ඩුව දැන් රටට උත්තර දෙන්න ඕන . ආණ්ඩුව දන්නේ නැතුවද මේවා කරන්නේ ? කොරෝනා රෝගය අස්සේ මොකක්ද මේ රජය කරන ජාවාරම.
0 comments:
Post a Comment