මෙරට ලියාපදිංචි කරන ලද 1521වූ වෛද්‍ය ආයතන අතරින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ඇත්තේ ආයතන 181කට පමණක් බව අනාවරණය වී ඇත.මීට අමතරව මූලික සහ ශික්ෂණ රෝහල් 47 අතරින් රෝහල් 13ක් සදහා පමණක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇත.
මේ අනුව පෙනී යන්නේ රජයේ හා පුද්ගලික රෝහල් අතරින් 70%වකට පමණ පරිසර ආරක්ෂණ බල පත්‍රය ලබාගෙන නැත.
එසේම රෝහල් අපද්‍රවය බැහැර කළමනාකරණ බල පත්‍රය ලබාගෙන ඇත්තේ පෞද්ගලික රෝහල් සහ අනෙකුත් වෛද්‍ය ආයතන 328ක් අතරින් 50ක් පමණි.
මූලික රෝහල් හා ශික්ෂණ රෝහල් 47 අතරින් රෝහල් 09ක් පමණි රෝහල් අපද්‍රවය බැහැර කළමනාකරණ බල පත්‍රය ලබාගෙන ඇත්තේ
රෝහල් අපද්‍රවය මෙලෙස නිසි ක්‍රමවේදයක් තුළ බැහැර නොකිරීම හේතුවෙන් පාරසරික ගැටළු මෙන්නම සමජීය ගැටළු රැසක් මතු විය හැක.විශේෂයෙන් වසංගත කාල සීමාවක් පවතින මෙම වකවානුවේ මෙය ඉතාමත් බැරෑරුම් ප්රශ්නයකි.
0 comments:
Post a Comment