Wednesday, July 1, 2020

' ආසිරි - ඇබර්ඩීන් ' හොර හවුලට වෛද්‍ය සභාවේ අනුමැතිය නෑ, වෛද්‍ය සභාව කියයි.




ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය හා  එක්වෙමින්  ආසිරි පෞද්ගලික රෝහල් සමූහය හරහා ලංකාවේ වෛද්‍ය උපාධිය විකිණීමට මේ වන විට ආණ්ඩුව සැරසෙමින් සිටි.නමුත් මේ උපාධි කඩයට වෛද්‍ය සභාව( SLMC) පිළිගැනීම නොමැති බව අද දින පුවත්පත් දැන්වීමක් මගින් වෛද්‍ය සභාව දන්වා සිටියහ .
ආසිරි - ඇබර්ඩීන් හවුල් උපාධියට පිළිගැනීමක් ලබා නොදෙන බවත් ඒ බව එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුහිය දිනෙක පවසා තිබුණි .

පසුගිය දිනයන්හි  ⁣asiri - aberdeen sri lankan pathway උපාධියට SLMC පිළිගැනීම ඇති බව පවසමින් සිසුන් බඳවාගැනීමට ප්‍රචාරණ කටයුතු දියත් කර තිබුණි . රජය තවමත් අඳ ⁣ගොලු බිහිරි ප්‍රතිපත්තියක් අනුමනය කරමින් එවැනි ව්‍යූහයක් ක්‍රියාත්මක වීමට ඉඩහැර බලා සිටියි. ආසිරි - ඇබර්ඩීන් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට සිදු කෙරෙන කුමන්ත්‍රණය රජය වහා හකුළා ගත යුතුය.  එය  පරාජයට පත්කළ යුතුව ඇත.

0 comments:

Post a Comment