Tuesday, June 30, 2020

රජයේ මේ සූදානම,ප්‍රමාණවත් ළමුන් නොමැති බව පවසමින් රජයේ පාසල් ටික වසා දමා පෞද්ගලික පාසල් ගොඩදෑමටද?


රජයේ පාසල් වලින් අඩකට වැඩි ප්‍රමාණයක සිසුන් සිටිනුයේ 200කටත් අඩුවෙන් බව පසුගියදා එළිදක්වන ලද විශේෂ විගණන වාර්තාවක් පවසා ඇත.මෙම වාර්තාව පවසන අන්දමට පාසල් 5161ක ඉගෙනුම ලබන්නේ 200කට අඩුවෙනි.එසේම මෙම පාසල් 5161 අතරින් පාසල් 3046ක  සිසුන් සිටින්නේ 100කට අඩුවෙන් බව පවසයි.එයින් පාසල් 1486ක සිසුන් 50ට අඩු බව එම වාර්තාවේ සදහන් වේ.

මෙම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වෙන පරිදි මෙවෙනි පාසල් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මධ්‍යම පළාතේ වන අතර එය සංඛ්‍යාවක් ලෙසින් 812ක් ලෙසින් සදහන් වේ.උතුරු පළාතේ පාසල් 641ක් පවතින බව මෙම වාර්තාවේ සදහන් වේ.
මෙයට හේතු ලෙසින් මෙම වාර්තාව මගින් පෙන්නවා දෙන්නේ පාසල් ව්‍යුහ කටයුතු පිළිබදව උපදෙස් සංග්‍රහයට අනුව නව පාසැල් ආරම්භ කිරීම, වසා දැමීම හා නියාමනය නොකිරීම ලෙසින්ය.

මෙම වාර්තාව පිළිබදව මතුවන ගැටලුව නම් මේ වාර්තාව මගින් ඇසෙන හඩ පාසල් වසා දැමීමේ කස කරුවන්ගේ හඩ යන්න සැකයක් මතු වීමයි.ළමුන් අඩු පාසල් සංවර්ධනය කරනු වෙනුවට එම පාසල් වසා දැමීමට කැස කවන බවක්ය අපට මෙම වාර්තාව මගින් පෙනී යන්නේ.

0 comments:

Post a Comment