Tuesday, June 30, 2020

දේශපාලන නිදහසත් අහිමි කරවන හොංකොන් ජාතික ආරක්ෂක පනත චීනය සම්මත කරයි.



පුළුල් ජාතික ආරක්ෂාවක් ගෙන එන මුවාවෙන් හඳුන්වා දුන් හොංකොන් ජාතික  ආරක්ෂක පනත යනු  නිදහස අහිමි කරවන ආකාරයේ ගමනකට චීනය නෛතිකවම මැදිහත් වී තිබෙන පනතකි. මෙය හොංකොන් තුල වූ අර්ධ ස්වයං පාලන භුමිය මත චීනය සිය පාලනය තහවුරු කරගැනීම සඳහා සම්මත කරගෙන තිබෙන නිතියක් බවට විචේචනය වෙමින් තිබේ.

චීන පාලනය විසින් හොංකොන් වෙත ගෙන ආ මෙම ආරක්ෂාව ප්‍රශ්න කෙරෙන පනතට මහත් ජනතා විරෝධයක් පැන නැගී පැවති අතර ඒ විරෝධතා මධ්‍යයේ දින 40ක් යාමට මත්තෙන් මේ පනත හොර රහසේ සම්මත කර ගෙන තිබේ.පොරොන්දු වූ හොංකොන් ස්වයං පාලනයට මෙන්ම දේශපාලන නිදහසට තර්ජනයක් වන මේ පනතට ලොව නන් දෙසින් විරෝධය පල වී තිබේ.අම්නේස්ට්‍රි ඉන්ටර්නැෂනල් හි චීන ප්‍රධානි Joshua Rosenzweig දැක්වුයේ මෙලෙස ජනතා විරෝධී ජාතික ආරක්ෂණ පනත සම්මත කිරීම මෑත ඉතිහාසයේ මානව හිමිකම්වලට ඇති ලොකුම තර්ජනය නියෝජනය කරන බවය.මෙතැන් සිට චීනයට තමන් තොර ගන්නා ඕනෑම පුද්ගලයෙක්ට දේශපාලනිකව වෙනස් මතධාරීන්ව පහසුවෙන් නෛතිකවම මර්දනය කිරීමට ඉඩ සැලසේ.
   
හොංකොන් ජනතාවගේ ස්වාධීනත්වය පිළිබඳව කතා කල,ප්‍රජාතන්තවාදය ආරක්ෂා කරගත යුතුය යන පදනමින් හඬ නැගූක්‍රියාකාරිකයන් 9000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ පනත හරහා එම කටයුත්ත නිත්‍යානුකූලවම කරගැනීමට සියල්ල සකස් කර ගෙන තිබේ.
මේ පනතට විරෝධිව හඬ නගන ක්‍රියාකාරිකයෙක් වන Joshua wong දක්වා තිබෙන්නේ මේ පනත ත්‍රස්තවාදී මාවතකට තල්ලු වීමට ඉඩ පවතින බවය.එසේම චීනයේ ඒකාධිපති පාලනය යටතේ වුවද හොංකොන් වැසියන් දිගටම සටන් කරනු ඇති බවද යුක්තිය වෙනුවෙන් සිට ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

0 comments:

Post a Comment