Monday, June 29, 2020

බලධාරීන්ගේ නියෝග නොතකා, ඉන්දුනීසියාවේ ආයේෂ් හි ජනතාව රෝහින්‍යා සරණාගතයින් වෙත සහෝදරත්වයේ දෑත් දිගුකරයි.


පසුගිය බ්‍රහස්පතින්දා දින ඉන්දුනිසියාවේ ආයේෂ් හි පදිංචිකරුවන් පිරිසක් රෝහින්ග්‍යා සරණාගත  පිරිස් සඳහා ආරක්ෂාව සැපයීමට මැදිහත් වී තිබේ.එසේ සිදු කර තිබෙන්නේ මීට දින කිහිපයකට පෙර ඉන්දුනිසියාවේ  ධීවරයින් කිහිප දෙනෙකු, ළමුන් කාන්තාවන් ඇතුළු  රෝහින්ග්‍යා සරණාගතයන්  යන එනමන් නොමැතිව මුහුදේ අතරමංව සිටින බව හා ඔවුන්ව බේරා ගනිමින් වෙරළට ගෙන එන ලෙස ඉල්ලා සිටිමින් බලධාරීන්ට කළ ඉල්ලීම් නිෂ්ඵල වූ නිසාවෙනි.

රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළක්වාලමින් සිදුකරන ප්‍රචණ්ඩත්වය හා වෙනස්කොට සැලකීම් හමුවේ අති විශාල සරණාගත පිරිසක් නිර්මාණය වී තිබුණේ අද ඊයෙක නොවන අතර අද වන විට ඔවුහු කොරෝනා වසංගත තත්වය නිසා තව දුරටත් පීඩා විඳිමින් සිටිති.එම පීඩනයෙන් තව දුරටත් දරුවන්, කාන්තාවන්, ගැබිනි මව්වරුන් ඇතුළු රෝහින්ග්‍යා වැසියන්ට සිටිය නොහැකි තැන බංගලාදේශයට, ඉන්දුනිසියාවට ඔවුන් සංක්‍රමණය වී ඇත.කොරෝනා වෛරසය පැතිරීමේ අවධානමක් ඇති බව දක්වා සෑම දේශයකින්ම ප්‍රතික්ෂේප වන ඔවුන් අතරින්  අද වන විට මිය ගිය සංඛ්‍යාවද සුළුපටු නොවේ.

   කෙසේ වෙතත් ඉන්දුනිසියාවේ ආෂේහ් හි ප්‍රදේශවාසීන් එරට බලධාරීන්ගේ අණ නොතකා ඔවුන්ට සරණක් වීමට ඉදිරිපත් වී තිබේ. ප්‍රදේශවාසීන් කියා සිටියේ බලධාරීන්ට විරුද්ධ වෙමින් ක්‍රියා කිරීම සම්බන්ධව කණගාටුවක් ඔවුනට නොමැති බවත් එම වැසියන්ගේ අසරණභාවය හමුවේ ක්‍රියා නොකිරීමට  තරම් දෘඪ හදවතක් ඔවුන් වෙත නොමැති බවත්ය.


  

0 comments:

Post a Comment