Sunday, June 28, 2020
ජනතාව මත වගකීම පටවමින් ඇදිරි නිතිය අහෝසි කරයි.
අද සිට ඇදිරි නීතිය සම්පූර්ණයෙන් ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට ඇඳිරි නීතිය පනවනු ලැබුවේ මාර්තු 20 වැනි දා සිටය.ඉන් පසුව එහි සීමා කඩින් කඩ ලිහිල් කෙරුණි.මෙලෙස ඇදිරි නීතිය අවසන් කරන ආණ්ඩුව ජනතාව මත කොරෝනා වසංගතයේ වගකීම පැවරීමට සුදානම් බවක් පසුගිය කාලය පුරාවටම දැක ගත හැකි විය. එහි අලුත්ම පියවර ලෙස මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හට දඩුවම් කිරීමට සුනම්වීම දැක ගත හැකිය.පුද්ගලයන් ලෙසින් එලෙස වගකීමක් පැවතියත් ආණ්ඩුවේ පසුගිය ක්‍රියා කලාපය දෙස බලන විට පෙනී යන්නේ ආණ්ඩුව හැසිරුණේ එලෙස වගකීම් සහගත නොවන ආකාරයෙන් බවයි.මැතිවරණ රැළි බොහොමයක් සංවිධානය කර තිබුනේද නිරෝධායන නීති නොසලකා හරිමින්ය.රජයේ රෝහල්, පොදු ප්‍රවාහන සේවා යනාදියෙ හි පවා සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පොදු ජනතාවට තම කටයුතු සිදු කරගැනීමට කිසිදු ක්‍රමවේදයක් මේ වනතුරු සකස්කිරීමට උත්සාහයක් පවා ගෙන නොමැත.
නමුත් දැන් ආණ්ඩුවේ නියෝග මත මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩ කරන්නන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කර ඇත.ඒ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය .තව දුරටත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ මෙලෙස නිරෝධායන නීති නොසලකා හැරීම හේතුවෙන් යළි ත් මෙරට කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම ඉහළයන බවත් එම නිසා මෙලෙස මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හා නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි.
ආණ්ඩුව මේ සැරසෙන්නේ නිරෝධායන නීතිය සාමාන්‍ය ජනතාවට හා සටන් කරන බලවේග වලට එරෙහිව මර්ධන උපකරණය ලෙස භාවිතා කිරීමටයි.මේ සම්බන්ධව යම් ඉගි පසුගිය කාලය පුරාවට දක්නට ලැබුන අතර පසුගිය 09වන දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයට එල්ල කරන ලද මිලේච්ජ පොලිස් ප්‍රහාරය ප්‍රබල ප්‍රබල නිදර්ශණයකි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment