අන්ත දක්ෂිණාංශික හින්දු ජාතිවාදී පාලනය තුළ ගෙන ආ පුරවැසි සංශෝධන පනතට එරෙහිව මෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහිව සිදුකළ විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් තවමත් නිදහස් නොකර තිබීම හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් මෝදි ආණ්ඩුවට බලකර සිටියේ ඔවුන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වන බවත් ඒ සම්බන්ධ ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.
මෙලෙස භාරතීය ජනතා පක්ෂය විසින් ගෙන තිබෙන ශිෂ්‍ය විරෝධී මර්දනකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව අද දින Tripura ප්‍රාන්තයේ සෑම ප්රාදේශයකම විරෝධතා රැස්වීම් උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි .
තම සහෝදර ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙස මූලිකවම බලකරමින් විරෝධතා කළ ඉන්දීය සිසුහු : ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පශ්චාත් උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් ඇතිකිරීම, අයවැය ප්රතිපාදනයන් හරහා 10%ක් අධ්‍යාපනයට වෙන් කිරීම, සුරක්ෂිත අධ්‍යාපන පරිසරයක් ඇතිකරලීම ආදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ අතර අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිවලට තරයේ විරෝධය දැක්වූහ.
කෙසේ වෙතත් මෝදි පාලනය එ.ජාතීන්ගෙන් ඉදිරිපත් කළ ඉල්ලීමටද ප්‍රතිචාර දක්වා තිබුණේ පුරවැසි පනතට අදාළ කාරණා තම රට තුළ වූ අභ්‍යන්තර කාරණයක් බවත් ඉන්දියාවේ ස්වෛරීභාවයට බලපෑම් කිරීමට කිසිඳු විදේශීය පාක්ෂිකයෙකුට නොහැකිය යනුවෙනි.
ධනේෂ්වර ආර්ථිකය මුහුණ පා තිබෙන අර්බුධය හමුවේ ප්රජාතන්ත්රවාදය පෑල දොරින් පිටමන් වෙමින් තිබෙන අතර ලොව පුරා අධිකාරිවාදී අත්තනෝමතික පාලන තන්ත්රයන් නිර්මාණය වෙමින් පවතී.මේ සියලු අධිකාරීවාදී පාලනයන්ගේ පොදු ස්වරූපය වන්නේ ඒවා ආගමික,ජාතික හෝ ජනවාර්ගික දෘෂිඨිවාදී ව්‍යාපාරයක් සමග අතිනත්ගෙන තිබීමයි.ඉන්දියාව තුළ ද නරේන්ද්‍ර මෝඩි සාතිශය බහුතරයක්ගේ මනාපයෙන් බලයට පත්වූයේ හින්දි ජාතිවාදය මත පදනම් වූ එවැනි මෙහෙයුමකිනි.
එම නිසා පීඩිත ජනතාව බෙදාවෙන්කර තම පොදු සතුරා වන මෙම ධනේෂ්වර ක්‍රමයට එරෙහි අරගලය දුර්මුඛ කෙරෙන මෙම සියලු ආකාරයේ ප්‍රතිඝාමී ව්යාපාවයන් පරාජය කිරීමේ සාමූහික අරගලයක් අප හමුවේ පවතී.

0 comments:
Post a Comment