කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් රජ්‍ය සේවකයන්ට ලබා දී තිබු ණය හා පොලි වාරික ගෙවීමේ සහනය අත්හිටවා ඇත.මේ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි පවසා තිබේ.
එසේම ඔහු පවසා සිටියේ එයට අදාල චක්‍ර ලේඛනය ද මේ වන විට නිකුත් කර අවසාන බවයි.එසේම රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇති බව ද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පවසා තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගෙන් මතු වූ ඉල්ලීමක් මත මෙලෙස ණය සහ පොලී ගෙවීමට සහන කාලයක් ලබා දී තිබුණි. නමුත් පසුව ඒවා අයකරගෙන තිබූ අතර පසුව අයකරගැනීම අත්හිටුවීමට අවශ්‍ය නම් ලිපියකින් ඉල්ලුම් කරන ලෙස රාජ්‍ය සේවකයන්ට රජය දැනුම් දෙන ලදී. මේ අනුව රාජ්‍ය සේවකයන් විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන් ආකාරය දැක ගත හැකි විය.
ආණ්ඩුව විසින් රටේ ආර්ථික කටයුතු පවත්වා ගැනීමට රට විවර කිරීමෙන් අනතුරුව ලබා දී තිබු සහනය මෙලෙස ඉවත් කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment