Thursday, June 27, 2019

ඉරානයට, වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය වහා නවතනු!


ඉරානයට, වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය වහා නවතනු..!
අධිරාජ්‍යවාදී ආර්ථික දේශපාලන අර්බුද විසින් ජනිත ජන සංහාරක යුද්ධ පරදවමු..!

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සහ වෙනසක තාරුණ්‍යය ඒකාබද්ධව ජුනි 27 දින කොල්ලුපිටිය එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.
පසුගිය දිනක නිරීක්ෂණ මෙහෙයුම් වල නිරත ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරාන ගුවන් සීමා උල්ලංඝණය කිරීම නිසා ඉරාන ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ලකර බිම හෙලන ලදී.මෙය පාදක කරගනිමින් ඇමරිකාව ඉරානයට අලුතින් ආර්ථික සම්බාදක පැනවීමට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව යුධමය ප්‍රහාරයක් දියත් කිරීමට කැසකවයි.එය තහවුරු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පසුගිය 20වන බ්‍රහස්පතින්දා ඉරාන මිසයිල හා රේඩාර් පද්ධති මතට බෝම්බ හෙලීමට නියෝග කරතිබුණි.පසුව ඔහු තම ට්ව්ටර් ගිණුමේ මෙසේ සදහන් කර ඇත.

“අප ඊයේ රාත්‍රීයේ ස්ථාන 3කට පහර දීමට සූදානමින් කොකා ඇදගෙන (එසේමැයි) සිටියදී, කීදෙනෙකු මැරෙනු ඇද්දැයි මා විමසුවා”
 “ජෙනරාල්වරයෙකුගේ පිලිතුර වූයේ, සර් 150ක් කියා යි. ප්‍රහාරයට මිනිත්තු 10කට පෙර මම එය නතර කලා.” මිනිසුන් රහිත ඩ්‍රෝන යානයකට එතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් හිලව් කිරීමට තමන් නොසිතන බවට ඇගවුමක් ලබදෙන අයුරින් ඔහු මෙය ප්‍රකාශ කර තිබුණි.

නමුත් ට්‍රම්ප් ගුවන් ප්‍රහාර අවලංගු කලේ ඉරාන ජීවිත පිලිබඳ කිසිදු උත්සුකයක් අනුකම්පාවකින් නොවේ. එයට හේතු වූයේ, ඉරානය තුල සිදුවන එවන් මරන සංඛ්‍යාවක් එක්සත් ජනපද භටයන්ගේ ජීවිත වඩා වැඩියෙන් බිලිගත හැකි ප්‍රතිප්‍රහාරයකට අනිවාර්යයෙන් ම හේතු වී, මිලිටරි පුපුරා යාම් මාලාවක් ජනනය කරමින්, ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද ආක්‍රමණ ද අභියෝගයට ලක්කරමින් මහා පරිමාන යුද්ධයක් ජනනය කරනු ඇතැයි ඔහුගේ මිලිටරි උපදේශකයන් කල අනතුරු ඇඟවීම යි.

අප එසේ පවසන්නේ,
එක්සත් ජනපද භටයන් දෙදෙනෙකු පමනක් මරනයට පත්වූ සිද්ධියකට මොසුල් හා රක්කා නගර බිමට සමතලා කරමින් ද බෝම්බ හා ෂෙල් ප්‍රහාරවලින් දසදහස් ගනනක් මරා දැමූ ඉරාකයේ හා සිරියාවේ ඔබාමා විසින් ආරම්භ කරන ලද යුද්ධ ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරියට ගෙන යමින් වඩාත් තීව්‍රකිරීමද,

තව ද අරාබි ලෝකයේ දුප්පත් ම රට වන යේමනය තුල ජනසංහාරක යුද්ධය සඳහා සවුදි රාජාන්ඩුවට ඍජු සැපයුම් හා මිලිටරි ආධාර ලබාදෙමින්, ට්‍රම්ප් පරිපාලනය විසින් එය ම්ලේච්ඡ ලෙස සන්නද්ධ කර එම යුද්ධය සිවිල් වැසියන් 80,000ක පමන ජීවිත බිලිගෙන මිලියන ගනනක් කුසගින්නට ඇදදමා තිබීම පිළිබදවද සලකමිනි.

පවතින තත්වය හමුවේ ප්‍රහාරය නවතා දැමූවද න්‍යෂ්ටික හැකියාව සහිත බී-52 යානා ප්‍රමුඛ ගුවන් යානා හාරක ප්‍රහාරක නාවික සේනාංකයක් ද, දැනට කලාපය තුල යොදවා ඇති භටයන් 20,000 සමග එක් වීමට අමතර භටයන් 2,500ක් එක්සත් ජනපදය විසින් යවමින් දැන් සූදානම් කිරීම් සිදුකරනු ආරම්භ කර ඇත.

ට්‍රම්ප් සිකුරාදා ට්විටර් පනිවුඩයේ ලියූ පරිදි: “මට හදිසියක් නැහැ, අපගේ මිලිටරිය යලි අලුතෙන් ගොඩනගා, පිටත් කිරීමට සූදානම් කරනු ඇත. එය ලෝකයේ හොඳ ම මිලිටරිය යි. සම්බාධක, විනිවිද යන අතර ඊයේ රාත්‍රී තවත් ඒවා එක්කරන ලදී.” යනුවෙනි.

මේ අනූව නුදුරේදීම ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය,ඉරාකය,සිරියාව තුළ සිදුකලා මෙන් තවත් ජන සංහාරක යුද්ධයක් ආරම්භ කිරීමට නියමිතය.

අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් තම ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් දිගින් දිගටම සිදුකරමින් සිටින මෙම ජන සංහාරක යුද්ධ වලට එරෙහිව සියලු ජනතාව ඒකාබද්ධ අධිරාජ්‍ය විරෝධී අරගලයක් අරම්භ කලයුතුව්ය.










0 comments:

Post a Comment