Monday, August 19, 2019

අරුවක්කාරු වෙත රැගෙන යන කසළ වලට එන ජනතා විරෝධයට එරෙහිව පොලිස් ආරක්ෂාව ඉල්ලයි

 කොළඹ කසළ ප්‍රවාහනය සඳහා විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ දිගින් දිගටම එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වන විරෝධය නිසාවෙනි ඊයේ දිනයේ කසළ ප්‍රවාහනය කරනු ලැබූ ටිපර් රථ වලට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මෙලෙස කසළ අරුවක්කාරු වෙත ගෙන ඒමට විරෝධතාවය පල කිරීමටය.මේ හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත් විය. පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්  පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.


පොලීසිය ප්‍රකාශ කළේ, කසළ ප්‍රවාහන මාර්ග හා ඒ ආශ්‍රීත ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි.

මේ අතර කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලු  කසළ අංගනය වෙත රැගෙන යාමේ නියමු ව්‍යාපෘතියක් ලබන සෙනසුරාදා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 මේ අනුව
කොළඹ කසළ දුම්රිය මගින් ප්‍රවාහනයට  සැලසුම් කර ඇත

0 comments:

Post a Comment