හොංකොං රාජ්‍යෙය් ක්‍රියාත්මක සමාජ වෙබ් අඩවි කිහිපයක් දැඩි නියාමනයකට ලක්කිරීමට රජය කටයුතු කර තිබේ.
එමගින් චීනය විසින් හොංකොං රාජ්‍යෙය් කලබල ඇතිකිරිම සදහා සිදුකරන කුමන්ත්‍රණය පාලනය කිරීම සිය උත්සාහය බව මෙම සමාජ මාධ්‍ය මර්ධනයට රජයට සහය වූ ආයතන පවසා සිටි.
මේ අනුව ට්විටර් හා ෆේස්බුක් වෙබ් අඩවි එම දැඩි පාලනයට අදාළ කර ඇති බවද සඳහන්ය.
මෙහි එක් පියවරක් ලෙසින් හොංකොං රාජ්‍යෙය් ට්විටර් ගිණුම් 936ක් ඉවත්කර දැමීමට පියවර ගැණුනි.
ඊට අමතරව තවත් ගිණුම් 200 000ක් පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇතිබවද එම ආයතන වාර්තාවල සඳහන්ය.
එමෙන්ම එහි ෆේස්බුක් ගිණුම් හා පිටු කිහිපයක් ද තහනම් කිරීමට කටයුතු යොදා තිබුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු හුවමාරුවීම හා ඉන් ඇතිවන තත්ත්වය පාලනයට මෙලෙස පියවර ගත් බවයි රජය පවසයි.
මේ අතර සිය පියවර පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රධානීන් පෙන්වා දෙන්නේ අසත්‍ය තොරතුරු හුවමාරු කරගන්නා ගිණුම් හිමියන් සිය අනන්‍යතාව සගවා කටයුතු කර ඇති බවයි.
කෙසේ නමුත් සිදුකල විමර්ශන අතරතුර ඔවුන් චීන වැසියන් බවට හඳුනාගෙන ඇති බවද සඳහන් කරමින් හා එම පිරිස් චීන රජය හා සෘජු සබදතා ඇති අය බවටද හෙළිව ඇති බව පවසමින් රජය මෙම මර්ධනය සාධාරනිකරණයට සැරසේ.මෙලෙස විවිධ හේතු දක්වමින් සමාජ මාධ්‍යන් මර්ධනයට සැරසෙන්නේ නැගී එන මහජන විරෝධය යටපත් කිරීමටය
0 comments:
Post a Comment