- 2012 දී ක්‍රියාත්මක වූ පරිදි HNDA උපාධිදාරීන්ට සංවර්ධන නිලධාරීන් පත්වීම් ලබා දෙනු!
- සම්මුඛ පරීක්ෂණ සිදුකල HNDA සැමට වහා පත්වීම් ලබා දෙනු
යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධාන කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
- අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන්ට වහා පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද(07) දහවල් 1 ට පමණ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ වුණි.ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන්ගන්නා විට පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර තමන්ට ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස එහිදී සිසුන් ඉල්ලා සිටියේය.නමුත් ඔවුන්ගේ එම ඉල්ලීම සදහා පාලකයන් පිළිතුරු ලබා නොදුන් නිසා සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
0 comments:
Post a Comment