2019 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සම්බන්ද කරගනිමින් සංවාදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ(11/04) සංවිධානය කර තිබිණි. "ප්රතිරූපයද ප්රතිපත්තියද? සරසවි සංවාද සභාව" නමින් සංව්ධානය කර තිබූ මෙම සංවාදය කැළනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්තානයේදී පැවැත්විණි.
මේ සදහා සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කරමින් පානි විජේසිරිවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මහින්ද ජයසිංහ, ජාතික සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් රොහාන් පල්ලෙවත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ශය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, එක්සත් සමාජවාදී පක්ශය නියෝජනය කරමින් ශ්‍රීනාත් පෙරේරා යන අය සහභාගි විය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment