Thursday, October 24, 2019

මහපොල ඉල්ලු සිසුන්ට බටන්පොලු ප්‍රහාර දී සිසුන් 52ක් සිරගත කරයි


ජිවන වියදමට සරිලන ලෙස මහපොළ - ශිෂ්යාධාර වාරික ඉහළ දමනු ! වශයෙන් වූ මුලික සටන් පාඨය ඇතුළු,
·         බදුබර බඩුමිල පහත හෙළනු ! වැටුප් වැඩි කරනු !
·         මහපොළ - ශිෂ්යාධාර වාරික ලබා දීමේදී සලකා බලන අදායම් සිමාව ඉහළදමනු !
·         මාස ගණන් ප්රමාද කළ මහපොළ ශිෂ්යාධාර වාරික වහා ලබා දෙනු !
·         මහපොළට සමාන ලෙස ශිෂ්යාධාර වාරික ඉහළ දමනු !
·         80% නීතියට මුවාවී සිදු කරන මහපොළ - ශිෂ්යාධාර කප්පාදුව නවතනු !
සටන් පාඨ කිහිපයක් මුල් කරගෙන 24/10/2019 දින අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරන ලදී. මෙම විරෝධතා පාගමන කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කල අතර, ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුනි. විරෝධතාකරුවන්ට ලෝටස් වටරවුම අසලදී පොලිස් මාර්ග බාධක යොදා පා ගමන අවහිර කරමින්  පොලිසිය හා කැරලි මර්ධන ඒකකය එක්ව විරෝධතාකරුවන්ට ජාල හා කදුළු ගැස් ප්රහාර එල්ල කරන ලදී. එහෙදි අන්තර් විශ්වවිද්යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සිසුන් 52 අත්තඩංගුවට ගන්නා ලදී.

0 comments:

Post a Comment