Wednesday, December 4, 2019

VC, AC කාමර වල - ළමයින් කුලී නිවාස වල.. ජපුර සිසුන් විරෝධතාවයේ


විශ්වවිද්‍යාලය තුළ පවතින අධ්‍යන සුබසාධන ගැටළු වලට විසදුම්  ඉල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද(4) දින විජේරාම මංසන්ධියේ දී පැවැත්විණි.

නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සිසුන් දීර්ඝකාලයක සිට අපහසුතාවයන් රැසකට මුහුණදෙන අතර ඊට නිසි විසදුමක් ලෙස නව නේවාසිකාගාර සංකීර්ණයක් ලබාදීම වෙනුවට පරිපාලනය කුලී පදනම මත ලබා ගත් කුකුල් කොටු වැනි කාමර වල සිසුන් ගාල් කරීමට කටයුතු කිරීම නිසා ආරක්ෂාව මෙන්ම සෞඛ්‍යය අතින්ද සිසුන්ගේ ජීවිත අවධානමට ලක්කර තිබේ.

එම නිසා තවත් පැලැස්තර විසදුම් වෙනුවට ප්‍රමාණවත් පහසුකම් සහිතව නව නේවාසිකාගාර සංකීර්ණයක් ලබාගැනීම ශිෂ්‍යන්ගේ ප්‍රධාන සටන් පාඨයකි..

0 comments:

Post a Comment