
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු වන තරිදු හර්ෂණ අමරසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන " පත්තු කරපං රත්නෙ " සන්ථව ප්‍රකාශනයක් ලෙස දෙසැම්බර් මස 4වන දා සවස 4ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී එළිදැක්වීමට නියමිතය.
මෙම අවස්ථාවට ආරාධිත කථිකයන් ලෙස මහාචාර්ය ලියනගේ අමරකීර්ති , සුදර්ශන සමරවීර සහ ලහිරු වීරසේකර සම්බන්ධ වන අතර ගායනය සහ වාදනයෙන් Happy journey සංගීත කණ්ඩායම එක්වේ..
"ඉතින් දැන්
ප්රේමවන්තයෝ නොවෙමු අපි
අපි අපිව වෙන වෙන ම නොදැනෙන
මල්කතා ප්රබන්ධෙක
ඉම්බත් රිදෙනවද අහන
සමනල ලෝකෙක නොවෙමු අපි
එකම පාරක ඇවිදින"
0 comments:
Post a Comment