Monday, December 2, 2019

අන්තරේ සහ උසස් අධ්‍යාපන ඇමති අතර සාකච්ජාවක්....




පසුගිය නොවැම්බර් මාසයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ඉතා කඩිනමින් විසඳුම් ලබා දියයුතු ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ලබා ගැනීමට, ජනාධිපති වෙත යොමුකරන ලද ලිපියේ ප්‍රථිපලයක් ලෙස අද (2019.12.02) දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් හා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග සාකච්ජාවක් පැවැත්විණ.

සාකච්ජා ලබාදෙන ඕනෑම අවස්ථාවක ශිෂ්‍යන් සාකච්ජා කිරීමට සූදානම් බවත්, අද දින පැවති සාකච්ජාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කල අතර ඒ කිසිදු ගැටළුවකට නිශ්චිත පිළිතුරක් එම අවස්ථාවේ දී නොලැබුන බවත් සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අ.වි.ශි.බ.ම කැදවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි පවසා සිටියා.

උන්වහන්සේ තව දුරටත් පවසා සිටියේ, බන්දුල ගුණවර්ධන පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ උසස් අධ්‍යාපන ඇමතිව සිටියදී අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කල ප්‍රථිපත්ති අමතක නොමැති බවත් දේශපාලන බලය එහාට මෙහාට හුවමාරු වූ පමණික් එම ප්‍රථිපත්ති වල වෙනසක් සිදුව ඇතැයි අපේක්ෂා නොකරන අතර ආණ්ඩුව ඉහත ගැටළු වලට විසදුම් ලබානොදී අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රථිපත්තිය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන්නේ නම් ඕනෑම මර්ධනීය තත්වයක් හමුවේ වුවද ඊට එරෙහිව අරගල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවයි.

0 comments:

Post a Comment