Friday, February 14, 2020

හුස්ම ගැනීමට ඉඩ දියවු! පෙසප ජනතාව දැනුවත් කිරීමේ පාපැදි සවාරියක්

"ගම්පහට සතියක්" පක්ෂය ගම්පහ ජනතාව හමුවන වැඩසටහන යටතේ මීගමුව කඩොලාන පරිසර පද්ධතිය සහ කලපුව විනාශ කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ පාපැදි සවාරියක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබුණි. බසියවත්ත පාසැල ඉදිරිපිට සිට මීගමුව නගරය දක්වා මෙම පාපැදි සවාරිය ගමන් කල අතර එහිදී මීගමුව කලපුව සහ කඩොලාන පද්ධතිය ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ වෙනුවෙන් විනාශ වීමට එරෙහිව අරගලයට එක්වන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. " හුස්ම ගැනීමට ඉඩ දියවු!" යන සටන් පාඨය යටතේ මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබිණි.

0 comments:

Post a Comment