"ප්‍රතිකාර ගැටලුවට වඩා නරක් වන්නට ඉඩදිය නොහැකි" යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 03/22 දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. ඉන්පසු පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනාධිපති වරයා "මාස ගණනක් තුල නොව, සති ගණනක් තුල ඇමරිකාව යලි විවෘත කිරීමට අවශ්‍යයි, නිශ්චිත අවස්ථාවකදී වැඩ පටන්ගෙන ඉදිරියට යා යුතුයි. මේ සමාගම් අහිමි කරගැනීම අපට අවශ්‍ය නැත" යනුවෙන් ප්‍රකාශ කරන ලදී. ඇමරිකානු ජනාධිපතිවරයා මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නේ ඇමරිකානු රෝහල් කාර්යමණ්ඩල තමන්ට අවශ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ සහ ආරක්ෂිත ඇදුම් පවා නොමැති තත්වයක් තුලයි. අපට දිගින් දිගටම ඇමරිකානු රෝහල් කාර්යමණ්ඩල සේවකයන් තමන්ට අවශ්‍ය ආරක්ෂිත පහසුකම් ලබදෙනලෙස ඉල්ලා හඩාවැටෙනු දකින්නට ලැබුණි. ඒ පිළිබද කිසිදු අවධානයක් යොමුකරන්න කිරීමට නොසිතන පාලකයන්ගේ දැවෙන ප්රශ්නය බවට පත්ව අත්තේ ව්යපරිකයන්ගේ ලාභ රේට්ටු පහත වැටීමයි. ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට නොසිතන ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතාවය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මැඩි තර කිරීමය.
ඇමරිකානු සංගත හා මුල්‍ය කතිපයධිකාරය ප්‍රකාශ කලේ මිලියන ගණන් ජනයා මියයන්නේ නම් එය එසේ උනාවේ, එය ව්‍යාපාර කිරීමේ පිරිවැය බවයි. ව්‍යාපාර, එනම් ධනපතියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මිනිසුන් මිලියන ගණනකගේ වුවත් ජිවිත බිලිදීමට සුදානම් බවයි මේ ප්‍රකාශ වෙමින් තිබෙන්නේ.
මෙම ව්‍යාපෘතියට අවශ්‍ය කරන මතවාදය නිර්මාණය කිරීමට මැදිහත්වන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මෙසේ සදහන් වේ. "සව්ඛ්ය සම්පන්න ළමුන්ට පෙරලා පාසල් යාහැකි අතර සව්ඛ්ය සම්පන්න වැඩිහිටියන්ට පෙරලා ඔවුන්ගේ රැකියාවලට යා හැකිය. රංග ශාලා සහ අවන්හල් යලි විවෘත කල හැක." මෙහි යෝජනාව වන්නේ වෝල් වීදියේ බලවතුන් ආරක්ෂා කිරීම සදහා රැකියා වෙත යෑමට කම්කරුවන් සුදානම් වන්න යන්නයි. ඒ සදහා මර බිය පසෙකලා සුදානම් වන ලෙසයි. ඒ අනුව කම්කරුවන්ට රැකියා රැකියා වෙත යා හැකිය. ධනපතියන්ට කම්කරුවන්ගේ රීරි මාංශය උරා බොමින් උන්ගේ මඩි තරකරගත හැකිය. මේ හරහා ධනපතියන් හෙළිදරවු කරන්නේ තමන් පරපෝෂිතයන් පමණක් නොව මනුෂ්‍ය ඝාතකයන් බව නොවේද?
ඇමරිකන් පාලක පන්තිය ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් බිලිදී වෝල් වීදියේ ව්‍යාපාරිකයන් රැකගැනීමේ මෙහෙයුමේ නිරතවෙද්දී ලෝක සව්ඛ්ය සංවිධානය ප්‍රකාශ කරන්නේ රටවල් වෛරසය මැඩලීමේ සිට බලපෑම් ලිහිල් කිරීම දක්වා මාරු විය යුතුය යන අදහස වැරදි සහ අනතුරුදායක බවය.
ජනපති ට්‍රම්ප් ප්රමුඛ පාලක පන්තියේ මේ වැඩ පිළිවෙලට ඇමරිකානු වසංගත විශේෂඥයින් සිය විරෝධය එල්ල කරමින් සිටි. ඔවුන් පවසන්නේ ආණ්ඩු අනෙකුත් සියලු ක්‍රියාකාරකම් නිර්ණය කරන මුලධර්මය වන ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවය මේ පවතින වසංගත තත්වය අවසන්වනතුරු වත් ඉවත් කරගත යුතු බවයි.
0 comments:
Post a Comment