Monday, April 6, 2020

අවම ජීවිතාරක්ෂණ පහසුකම් ඉල්ලා සිටි පාකිස්ථාන වෛද්‍යවරුන්ට පොලිස් ප්‍රහාරයක්.පිරිසක් අතඩංගුවට.



පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තානයේ ක්වේටා නගරයේ දී අද උදැසන සිදුකරන ලද උද්ඝෝෂණයක් අතරතුර දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය්‍ය මණ්ඩල සේවකයින් පිරිසත් පොලිස් අතඩංගුවට පත්ව තිබෙනවා.කොරෝනා වෛරස ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් කාර්ය්‍ය මණ්ඩල වලට අවශ්‍ය පෞද්ගලික ජීවිතාරක්ෂක උපකරණ ලබාදෙන ලෙස ආණ්ඩුවට බලැපෑම් කිරීම සදහා ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ වෛද්‍යවරුන් 13දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්වූ පසුවයි.

තම අවම මූලික අවශ්‍යතාවක් ඉල්ලා සිටි සෞඛ්‍ය සේවකයන්ට සිදුකරන ලද මෙම මිලේච්ජ පොලිස් පහරදීමට සහ අතඩංගුවට ගැනීම් වලට විරෝධය පලකරමින් එරට තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය බලුකිස්ථානයේ සියළු සෞඛ්‍ය සේවා වලින් ඉවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

0 comments:

Post a Comment