Tuesday, June 2, 2020
මැදපෙරදිග අසරණ වූ ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හෙට දිනයේ විරෝධතාවයක..
මෙරට ආර්තිකයේ ප්‍රධාන පංගුව සදහා තම ජීවිත ලේ කදුළු දහදිය කැපකල මැදපෙරදිග කලාපයේ විදෙස් සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයන් අද වන විට කුසට ආහාරයක් පවා නොමැතිව එම රට වල සිරවී සිටින අතර එම කදවුරු වල කොරෝනා ව්‍යාපත වී යාමත් සමග දහස් ගණනක්ගේ ජිවිත අනතුරේ හෙළා ඇත.
පසුගිය ජනාදිපතිවරණ සමයේ දී රට විරුවන් ලෙස ප්‍රචාරයක් ගෙනයමින් මානසික අල්ලස් ලබාදෙමින් එම ජනතාවගේ ජන්ද වලින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දේශපානඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ හිතවතුන් සහ වෘතිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ලබාදුන් ප්‍රමුඛතාවය මේ පහළ පාංතික ජනයා වෙනුවෙන් ලබාදුන්නේ නැත.අන්තිමට ඔවුන්ට සිදුවූයේ සමජ මාධ්‍ය හරහා තම දුක කියමින් හඩා වැලපීමටය.එම මැදිහත්වීම් සහ ජනතාව අතරින් මතුව ආ විරෝදය හමුවේ සීමිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කලද තව පනස් දහසකට අධික පිරිසක් අසරණව මේරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තාවෙයි.
නමුත් රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමින් ආණ්ඩුව ඔවුන්ව ගෙන්වා ගැනිම කර අරිමින් සිටින අතර නමුත් සී-සෙල්ෂ් වලින් මෙරට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනිම සදහා සෞඛ්‍ය සංචාරකයන් ලෙස පැමිණි බවට වාර්ථාවිය.එම නිසා පෞද්ගලික රෝහල් පවරාගෙන හෝ මෙම විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා සෞඛ්‍ය පහසුකම් සපයා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට වහා පියවර ගැනීමට ආණ්ඩුවට බල කරමින් හෙට දිනයේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් බත්තරමුල්ල විදේශසේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබේන විරෝධතාවය සදහා ඔබත් එක්වන්න..
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment