Wednesday, June 10, 2020

පහර දී ජීප් රථයකට විසිකර දැමු තරුණ ක්‍රියාකාරිනිය රෝහල් ගත කරයි.


ඊයේ පැවති විරෝධතාවයේදී පහර දීමට ලක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ ක්‍රියාකාරිණියක් වූ රශ්මි දිව්‍යාංජලී   ඇප ලබා ගාල්ල බලා යමින් සිටියදී ක්ලාන්ත තත්වයට පත් ව ඇත.  ඇයව කරාපිටිය රෝහල වෙත ගෙන යාමෙන් පසුව රෝහල් ගත කර මේ වනවිට නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

ම්ලේච්ඡ ආකාරයෙන් පොලිසිය විසින් ඇයට දැඩි හිරිහැර කරමින් ඇද ගෙන ගොස් ජීප් රථයකට විසි කර දමන අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණි.
 ස්ත්‍රීන් අත්තඩංගුවට ගැනීමේදී කාන්තා පොලිස් නිලධාරීන් යෙදවිය යුතු වුවද ආණ්ඩුවේ නියෝගය පුද්ගලිකවම මෙහෙයවමින් කටයුතු කල දේසබංදු තෙන්නකෝන් ඇතුලු පොලිස් බලධාරීන් රශ්මි ඇතුළු සහෝදරියන්ට දැඩි හිරිහැර කරමින් අත්තඩංගුවට ගන්නා සාක්ෂි ගණනාවක්ම තිබේ.

අත්තඩංගුවට ගැනීමෙන් පසු රාත්‍රි වනතුරු කොළඹ වරාය පොලිසිය තුල රඳවා තැබූ නමුත් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු නොකල අතර අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසා සිටියේ අවශ්‍ය නම් රෝහල් ගතවන ලෙසය. කෙසේ වෙතත් රාත්‍රි 10 ට පමණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල අතර එහිදී සියලු දෙනාට ඇප ලබාගත හැකිවිය. රශ්මි සහෝදරිය මෙන්ම තවත් සහෝදර සහෝදරියන් කීප දෙනෙක්ම අද උදෑසන රෝහල් වෙත ප්‍රතිකාර සඳහා ගෙන යනු ලැබීය.







0 comments:

Post a Comment