Friday, June 19, 2020

මැච් එක විකිණුවේ කවුද? මහේලගෙන් මහින්දානන්දට අභියෝගයක්.



2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය, ලංකාව විසින්  ඉන්දියාවට විකිණූ බව  හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කරනු ලැබුවේ එසේ කළ අය පුළුවන් නම් හෙළි කරන ලෙසයි.

හිටපු ක්‍රීඩා ඇමතිවරයා මෙම චෝදනාව සිදු කරනු ලැබුවේ  සිරස රූපවාහිනියේ විකාශය වන නිවුස් ලයින් වැඩසටහන හා එක් වෙමින්ය.

අවසන් මහා තරගයේ දී මහේල ජයවර්ධන ශතකයක් රැස් කළ අතර, මහින්දානන්ද අළුත්ගමගේ ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් තබා ඇති මහේල, තරගය විකිණූ බවට ඇති සාක්ෂි සහ ඊට මැදිහත් වූ පුද්ගලයන් පිළිබදව හෙළිදරව් කරන ලෙස පවසමින් මෙලෙස හිටපු ඇමෙති වරයාට  මහේල ජයවර්ධන  අභියෝග කර ඇත.

0 comments:

Post a Comment