Saturday, June 20, 2020

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ට්‍රම්ප්ගෙන් පොලිසියට තර්ජනයක්..



පොලිස් ප්‍රචණ්ඩත්වයට, ජාතිවාදයට හා වහල්භාවයට එරෙහිව අඛණ්ඩව  පෙළගැසී සිටින ඇමරිකානු විරෝධතාකරුවන්  බොහෝ වහල් හිමි ප්‍රතිමා ගලවා ඉවත් කර පුලුස්සා දැමීම ඇමරිකාවට අපකීර්තියක් ගෙන දෙන්නක් බව දක්වමින් ජනාධිපති ට්‍රම්ප් අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.මෙලෙස වහල් හිමි ප්‍රතිමා ගලවා ඉවත් කරන තුරු පොලිස් නිළධාරීන් ඒ දෙස බලා සිටීම පමණක් සිදු කරන බවත් තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවටත් එහි දක්වා තිබුණ අතර හැකි ඉක්මනින් එම පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට  එමගින් බලපෑම් 
කර තිබුණි.


ජෙෆර්සන් ඇතුළු බොහෝ වහල් හිමියන් විසින් දහස් සංඛ්‍යාත ජනයා වහල් භාවයට පත්කොට තිබුණු ඉතිහාසයක් තුළ ඔවුනගේ ප්‍රතිමා තව දුරටත් පවත්වා ගැනීම හෝ නඩත්තු කිරීම කිසිසේත් අවශ්‍ය නොවන බව විරෝධතාකරුවන් දක්වා සිටින ලදී. අද දිනට යෙදී තිබුණ 'Juneteenth' සැමරුම(කළු වාර්ගික බොහෝ දෙනෙක් සැබෑ නිදහස් දිනය ලෙස සලකන්නේ ජුනි 4ට වඩා Juneteenth ය)
සිදු කළේද පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පෑම,වහල් භාවය අහෝසි කිරීම සිහිපත් කිරීම මූලික කරගනිමිනි.

0 comments:

Post a Comment