ජෝර්දාන නිම්නය ඇතුළු බටහිර ඉවුරේ පලස්තීන ඉඩම් ඈදා ගැනීමේ ඊශ්‍රායල සැලසුම්වලට විරෝධය පලකරමින් පලස්තීනුවන් ඝාසා තීරයට පැමිණ තිබේ.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින මේ ඊශ්‍රායල පලස්තීන ගැටුම හේතුවෙන් ඉතා විශාල පිරිසක් මිය ගොස් ඇති අතර ඊටත් වඩා පිරිසක් සරණාගත තත්වයට පත්ව යුද්ධයෙන් බැට කමින් සිටී.ඒ අතර යුද්ධය යනු කුමක්ද යන්න පවා නොදන්නා දරුවන් විශාල ප්‍රමාණයක් ද ඊට මැදි වී සිටී.
යුරෝපයේදී සිදුවූ හිංසා පීඩා නිසා බොහෝ යුදෙව්වන් දැනට ඊශ්‍රායලය යැයි හදුන්වන භූමියට සංක්‍රමණය වී එන විටත් එහි පදිංචිව සිටියේ බහුතරයක් වූ අරාබි වැසියන් ය.ලොව පුරා නන් දෙසින් යුදෙව් ජාතිකයන් එම භූමියට සංක්‍රමණය වූ අතර නිල වශයෙන් ඔවුන් එම දේශය ඊශ්‍රායලය නමින් පිහිටුවා ගැනීම සිදු විය.එලෙස සංක්‍රමණය වෙද්දී ඒ වන විටත් පදිංචිව සිටි අරාබි වැසියන් පිටුවහල් කිරීම ආරම්භ කළේ එම දේශය බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සදහන් වන 'පොරොන්දු දේශය' වන බව දක්වමිනි.එහෙත් ලොව නන් දෙසින් යුදෙව් ජාතිකයන් පැමිණ ඊශ්‍රායලය පිහිටුවා ගනිද්දී ඒ භූමියේ වූ බටහිර ඉවුර, ඝාසා තීරය ආශ්රිත ප්‍රදේශයේ ජීවත්වන බහුතරය අරාබි එනම් පලස්තීනුවන් වේ.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය දෙරට අතර සාම ක්‍රියාවලියක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් මැදිහත් වනවා යැයි කීවද තව දුරටත් සිදුවී ඇත්තේ බලගතු රාජ්‍යන්ගේ වුවමනාවන්ට, ලාභවලට තවදුරටත් අර්බුදය දැඩි හා සංකීර්ණ ස්වභාවයකට පත්වීම පමණි.අදටත් පලස්තීනුවන් අධික ප්‍රමාණයක් අවතැන් වී සරණාගතයන් ලෙසින් බැට කන අතර දෙපාර්ශ්වයටම යුද්ධයෙන් සිදුවන පීඩාව, අපේක්ෂා භංගත්වය,අසරණබව, දිළිදුබව පමණක් උරුම වී ඇත.
0 comments:
Post a Comment