Sunday, June 21, 2020

වෛද්‍ය පහසුකම් පුළුල් කරනු ! නේපාල තරුණයින් විදී වල වැතිරේ.




වෛද්‍ය ක්‍ෂේත්‍රයේ  ප්‍රතිසංස්කරණ  සදහා රජයට බලපෑම් කිරීමට නේපාල තරුණයින්  පිරිසක්  ඊයේ   දින (20) අගනුවර  විදී  බැස සිටියහ . රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සදහා වන ඔවුන්ගේ ඉල්ලීම්  කෙරෙහි  රජය දිගින් දිගටම  දක්වන  උදාසීනත්වයට   හා එයට දක්වන  ප්‍රතිචාරයට  එරෙහිව  හඩ  නැගීම  සදහා  අගනුවර වූ  සහිඩ් ගේට් ( sahid gate )   හි දී   මේ මෙම  විරෝධතාව  සංවිධානය කර තිබුණි . උද්ඝෝෂණය  කළ තරුණ  තරුණියන්  '' බොරු  වලට  එරෙහිව  වැතිරිම  '' (Lying down against lies )නම්  සටන් පුවරු  ප්‍රදර්ශනය  කරමින්  විදී  මත  වැතිරී  සිටින  ලදී.

covid - 19  රෝග විනිශ්චය  සදහා 100%ක්  PCR පරීක්ෂණ සහතික කිරීම , ආරක්‍ෂිත හා ගෞරවනීය නිරෝධායන පහසුකම් ඇති කිරීම සහ  covid - 19  වෛරසය  වැලක්වීමට  වැය  වූ සියළු  මුදල්  පිලිබදව  විනිවිද  භාවයක්  පවත්වා ගැනීමට  බලකරමින්  මෙම  විරෝධතාවය  සංවිධානය  කර තිබුණි .










0 comments:

Post a Comment