Sunday, June 21, 2020
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුව විසදනු ! නිදහස උදෙසා කාන්තාවෝ විසින් online සම්මන්ත්‍රණයක්
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා මිනිසුන් දස දහස් ගණනින් මිය යමින් සිටි. එසේම ලක්ෂ ගණනින් මිනිසුනට රැකියා අහිමි වන්නට විය . මැද පෙර දිග කලාපයේ මේ වන විට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන විට මෙම කලාපයේ රැකියා සදහා ගොස් සිටින ලාංකිකයන් විශාල පිරිසක් අසරණව සිටි
මේ වන විට සදහන් වන තොරතුරු අනුව ලාංකිකයින් 23 මිය ගොස් ඇත. එසේම මෙම කලාපයේ සේවයේ නියතු ලක්ෂ 05කට ආසන්න වෙන ශ්‍රමිකයන් මහත් පීඩාවට පත්ව සිටී.
එක පැත්තකින් කොරෝනා වෛරසය මෙම ශ්‍රමිකයන්ව පීඩාවට පත් කරන විට ඔවුන්ට අනෙක් පැත්තෙන් තමන්ගේ රැකියාව අහිමි වීම , රැදී සිටීමේ කාලය අවසන් වීම වෙනි කාරණාවන් නිසාද පීඩාවට පත්ව සිටිනුයේ තව දුරටත් අසරණ කරමින්ය . මේ වන විට ඔවුන් සතුව පවතින මුදල් ද අවසන් වේගෙන යමින් පවතී.
බලධාරීන් වෙත තමන්ව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කළ ඉල්ලීම් වලට ඔවුන්ට ලැබුන ප්‍රතිචාරය වුයේ විදෙස්ගත ශ්‍රමිකයන් බෝම්බ ලෙස සලකා නොසලකා හැරීමය
මේ වන විට කිසිදු ආරක්ෂාවක් රැකවරණයක් නොමැතිව කුස ගින්නේ පදික වේදිකා මත මිය යාමට ඔවුන්ට සිදුව ඇත . එසේම මේ කාල සීමාව යනු මැද පෙර දිග කලාපයේ සෙල්සියස් අංශක 45ක් වෙනි දැවැන්ත උණුසුමක් වාර්තා වන කාලයකි. වායු සමනය කළ කාමරයක හැර කිසිවෙකුට එළියේ සිටිය නොහැකිය . ලංකාවෙන් ශ්‍රමිකයන් විදෙස් ගත වන විට රු7500ක මුදලක් වසරකට සෞඛ්‍ය රක්ෂණ ආවරණ සදහා යැයි පවසමින් මොවුන්ගෙන් සේවා නියුක්ති කාර්යාංශය අය කර ගනු ද ලැබේ.
මනාප ගන්නා තුරු රට විරුවන් බවට පත්වෙන මෙම ශ්‍රමියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා නිදහස උදෙසා කාන්තාවෝ අවස්ථා ගණනාවකදීම මැදිහත් වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියේදී මිට පෙර විරෝධත්වයක්ද දක්වන ලදී .මෙම ප්‍රශ්නයට බලධාරීන් මැදිහත් නොවන බැවින් ඊට ජනතාව සමග එක්ව මෙම ප්‍රශ්නයට ආණ්ඩුවට බලපෑම් කිරීම අරමුණු ඇතිව තව දුරටත් මේ පිලිබදව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් online සම්මන්ත්‍රණය සිදු කරනු ලබයි
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment