නේපාලය ඇමරිකාව සමග MCC ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් එරට ජනතාව තුළ දැඩි විරෝධතාවයක් මතු වී තිබේ.ඔවුන් කියා සිටින්නේ පාලකයන් එක්ව ගිවිසුම අත්සන් කළද පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි.එලෙස අනුමත කළහොත් රටේ ආරක්ෂාවට ස්වෛරීභාවයට මහත් තර්ජනයක් සිදුවන බවද තව දුරටත් ඔවුහු කියා සිටියහ.
2017 වසරේ සැප්.17 MCC ගිවිසුමට අත්සන් කරන ලද්දේ එවකට නේපාලයේ මුදල් අමාත්‍යවරයා සහ MCC හි වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ජොනතන් නාෂ් විසිනි.නේපාලයේ බලශක්ති අංශය ශක්තිමත් කිරීම, ප්‍රවාහන වියදම් පාලනය, පුද්ගලික ආයෝජන සදහා රැකියා උත්පාදනය දිරිගැන්වීමට ගිවිසුම හරහා ඇමරිකාව එකග වී ඇති නමුත් එය රටේ ආරක්ෂාවට හා ස්වෛරීභාවයට මහත් තර්ජනයක් ඇති කරවන බව විරෝධතාකරුවන් සදහන් කර ඇත.
ඇමරිකාව තම අධිරාජ්‍යවාදය ප්‍රාග්ධන වුවමනාවන් වෙනුවෙන් තහවුරු කිරීමට මෙතෙක් කල් සිදු කළේ යුදමය මැදිහත්වීම් වුවත් මේ වන විට MCC වැනි ගිවිසුම් හරහා විවිධ රටවලට ණය දෙමින්, ඊට කොන්දේසිද පණවමින් ,ආර්ථිකයට හා දේශපාලනයට මැදිහත්වනු දැකිය හැකිය.
මෙරට වත්මන් ආණ්ඩුව ද බලයට පත්වන විටම කියා සිටියේ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වුවත් මේ වෙද්දි එය හාත්පස වෙනත් මාර්ගයක ගමන් කරමින් සිටී.ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී.ටෙප්ලිට්ස් මීට දින කිහිපයකට පෙර කියා සිටියේ MCC සම්බන්ධව තීරණයකට එළඹීම මැතිවරණයෙන් පසුව සිදු කරන බවත් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ MCC නැවත සමාලෝචනයට ගැනීමට කටයුතු කිරීමට ගත් තීරණය අගය කරන බවත් ය.
0 comments:
Post a Comment