Tuesday, June 23, 2020
ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ අඩු කරන්න නියෝග දෙයි
කොවිඩ් 19 පරීක්ෂණ අඩුකරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.
කොරෝනා වෛරසය ආසාධිත වූවාද යන්න සොයා ගත හැක්කේ ඒ සම්බන්ධව පරික්ෂා කරන විටය.ලෝක සෞඛ්‍ය සංවිධානය වරක් පැවසුවේ test test test ලෙසිනි .නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පරීක්ෂණ වැඩිකරන විට ආසාදිතයින් වැඩි වැඩියෙන් හමුවන හෙයින් පරීක්ෂණ අඩුකරන ලෙස උපදෙස් දී ඇත.
ඔහු මේ බව සඳහන් කළේ ඔක්ලහෝමා හි ටල්සා නගරයේ පැවති රැළියක් අමතමිනි.
මේ වන විට මිලියන 25ක් පමණ ජනතාව පරික්ෂාවට ලක්කර ඇති හෙයින් තවදුරටත් පරීක්ෂණ කිරීමෙන් තව තවත් රෝගීන් හමුවන බව ඔහු රැලියේදී කියා සිටියහ.
ජනාධිපති ට්‍රම්ප් සිය අසමත්කම වසා ගැනීම සදහා සුපුරුදු ලෙස ජාතිකවාදය භාවිතා කිරීමට අමතක නොකරන ලදී සුපුරුදු පරිදි චීනයට වාග් ප්‍රහාරය එල්ල කරමින් චීනයේ ක්‍රීඩාවක් වන "කුංග් ෆූ", "කුන්ග් ෆ්ලූ" ලෙස දක්වමිනි.
මෙම රැළියේ ස්වභාවය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකාවේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මේගන් රෙනී පවසා තිබුණේ එම රැළියද තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීමට හේතුවක් විය හැකි බවයි. මන්ද රැළියට සහභාගී වුවන්ද ට්‍රම්ප් මෙන් කිසිදු මුව ආවරණයක් හෝ පැළද නොසිටි නිසාත් සමාජ දුරස්ථභාවය රැක ගැනීමට කටයුතු නොකර තිබූ නිසාත්ය.
මේ වන විට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 2,388,153 ඉක්මවා තිබෙන අතර මරණ 122,610 අභිබවා යමින් තිබෙ
දෛනිකව ආසාදිතයින් දහස් ගණනින් හමු වීම තවදුරටත් අවසන් වී නොමැති පසුබිමක ජනධිපතිවරයාගේ කතාව කොරෝනාවෙන් අතිශය පීඩාවකට පත්ව සිටින ඇමරිකානුවන් තවදුරටත් අධෛර්යමත් කිරීමකි. එසේම මෙම රැළිය සංවිධානය කරනු ලැබූ සංවිධායකයන්ට දඩුවම් කිරීමට නොහැකි වෙන අයුරෙන් පොරොන්දු පත්‍රයක්ද ලබාගෙන ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment