Tuesday, June 23, 2020

කෑමටවත් මුදල් නොමැති විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ගෙන්වීමට මුදල් ඉල්ලයි



කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් විදෙස් ගතව තම ශ්‍රමය වැපිරූ ලාංකිකයන් අසරණව  මහමග අසරණව සිටිනු ආකාරය සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට හැකි විය. මේ හේතුවෙන් ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කිරීමට පවා සිදු විය. නමුත්  කොරෝනා සංගතය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටින විදෙස් ගත ශ්‍රමිකයන්  මෙරටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අසාධාරණ ලෙස ඉතාම වැඩි ගාස්තු අයකිරීම නිසා විදෙස්ගත ශ්‍රමය වගුරුවන ලාංකිකයින්  දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව වාර්තා වේ.

මෙසේ මුදල් අය කරනු ලබන්නේ රැකියාවද ඉන්න හිටින්න තැනක් හෝ නොමැති දැඩි දුෂ්කර තාවයන්ට මුහුණ දී සිටින පිරිසගෙනි .මෙලෙස මොවුන්ව මෙරටට ගෙන්වීමට මුදල් ඉල්ලීම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල්  හත්පට්ටියක් ඉල්ලුව සේය. මේ වන විට ඔවුන්ට ඒමට මුදල් දීමට නොව කෑමටවත් මුදල් නොමැතිව කුස ගින්නේ මිය යාමට සිදු වී ඇත.

 මේ අනුව ශ්‍රී ලංකන්  ගුවන් සේවය ඇතැම් ගුවන් ගමන්වාර සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් හතර ගුණයක් පමණ අය කරමින් සිටී. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර සිට කොළඹට ඇමරිකානු ඩොලර් 2200ක්, ලන්ඩනයේ සිට කොළඹට ස්ටර්ලින් පවුම් 2200ක්, ලෙබනනයේ සිට කොළඹට රුපියල් 162,000ක් යනාදී වශයෙන් ඉතාම අසාධාරණ ලෙස ඔවුන් මුදල් අයකරගෙන තිබේ.

සෞඛ්‍ය සේවය ඇතුළු මහජන සේවාවන් පුද්ගලීකරණය කරමින් යන සමාජයක මිනිසුන් යනු ද ලාභය සදහා නිපදවූ වෙළද භාණ්ඩ බවට පත් වෙමින් තිබේ. ලොව බොහෝ රටවල්  තම පුරවැසියන්  රැගෙන ආවේ නොමිලේය. එහෙත් අපගේ ගුවන් සේවය ඇතුළු ආණ්ඩුව  මේ ව්‍යසනය හමුවේ පවා සිතන්නේ මුදල් ගැන පමණය. වසංගත තත්වයකදී පවා තම ලබා අරමුණු පෙරට දැමීම පෙන්වන්නේ අප සමාජයක් ලෙසට යමින් සිටින ගමනය.

0 comments:

Post a Comment