Wednesday, June 24, 2020

ඉන්දියාවත් පකිස්තානයත් අතර මතබේද උග්‍ර වෙන ලකුණු



දින 7 ක් ඇතුළත කාර්යමණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කරන ලෙස ඉන්දියාව, නවදිල්ලියේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ. ඉන්දියාව පවසන්නේ මෙයට සමගාමී ලෙසින් තමන්ගේ සාමාජිකයන්ද අඩු කර ගන්න බවයි .

මේ වන විට ගෝලීය මට්ටමෙන් අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධතා උස්සන්න වෙමින් පවතී.පසුගිය දින කිහිපයේදීම ඉන්දියාව චීනය අතරද චීනය ඇමෙරිකාව අතරද මෙන්ම ඉන්දියාව පකිස්ථානය අතරද අර්බුදයන් පැන නැගීම දක්නට හැකි විය .

 ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කර ඇත්තේද මෙවන් පසුබිමකය

ඉන්දීය රජය පකිස්ථානයට  චෝදනා කරමින් පවසා සිටිනුයේ පකිස්ථාන  නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණය ගැනීමට  හේතු වූ බවයි  එලෙස  චෝදනා එල්ල කර පකිස්ථාන රාජ්‍යත්‍රාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් මැයි මස 31 වැනි දා පිටුවහල් කිරීමට ද ඉන්දියාව පියවර ගනු ලැබීය

 වියානා සම්මුතියට පටහැනි ලෙසින් පකිස්ථානය කටයුතු කරන බව ඉන්දියාව පවසයි

එසේම පකිස්ථානය විසින්  රිය අනතුරක් සිදු කර පළා යෑමට තැත් කර බව පවසමින්  පකිස්ථානයේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගනු ලැබුහ.

අත්අඩංගුව ගත්  එම නිලධාරීන්ට දැඩි වදහිංසා පමුණුවා තිබූ බව ඉන්දියාව ප්‍රකාශ කළහ

මෙලෙස දෙපාර්ශයම එකිනෙකාට චෝදනා කරමින් සිදු වීම් වලට ප්‍රතිචාර දක්වමින් සිටි.
කොරෝනා වසංගත තත්ත්වය මත ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධතා මතු වීම දක්නට හැකිය එසේම ඊට රටක් ලෙසින් මුහුණ දීමේදී දැක්වූ අසමත් කම් වසා ගැනීම සදහා මෙලෙස ජනතාවට අනෙක් සතුරෙකු පෙන්වා දීමට තැත් කිරීමක් ලෙසින්ද මෙය දැක ගත හැකිය 

0 comments:

Post a Comment