Wednesday, June 24, 2020
රක්ෂණයෙන් වන්දි ලබා නොදුන් නිසා පුද්ගලයෙකු සිය දිවි හානි කර ගැනීමට යයි.
තම රථය අනතුරට ලක් වී දින 39ක් ගෙවී ගිය ද අදාල රක්ෂණය නොගෙවීම හේතුවෙන් පුද්ගලයෙකු සිය දිවි ගනී කර ගැනීමට තැත් කර ඇත.මෙම සිදු වීම වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙනි. සමාගම විසින් ඔහුගේ වන්දි මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ ඔහු බිමත්ව සිටි බව පවසමිනි.නමුත් මෙහි ඇති හාස්‍යට කරුණ නම් වහනය අනතුරට ලක් වූ විට ඒ ගැන වාර්තා ගන්නට පැමිණි සේවකයා විසින් ඔහු බිමත්ව සිටි බව පවසා සිටි බව ආයතනය විසින් පවසා සිටීමයි.
එම රක්ෂණ ආයතනයට අයත් ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිට ලොරි රථය නවතා එහි හිමිකරු පෙට්ට්‍රල් බෝතල් දෙකක් අතැතිව විරෝධතාවයේ නිරත වී ඇති අතර ඔහු එක් අවස්ථාවකදි පෙට්ට්‍රල් බෝතලයක් හිසේ හලා ගනිමින් ගිනි අවුලවා ගැනීමට උත්සහ කළ ද රැස්ව සිටි පිරිස එය ව්‍යර්ථ කර ඔහුගේ ජීවිතය බේරා ගන්නා ලදී.
ඔහුගේ රථය පුරා එම ආයතනයට විරෝධය පලකරමින් විරෝධතා පුවරු අලවා විරෝධතාකරු ලොරිය මතට නැගි මෙසේ පවසා ඇත.
“.දින 39 වනවා රථය අනතුරට ලක්වෙලා.මම මත්පැන් බීලා රිය ධාවනය කරා කියලා ආයතනය චෝදනා කරනවා.අලාභය තක්සේරු කරන්න ආපු ඇසෙසවරයා කියනවලු මම බීලා හිටියා කියලා.එයා කොහොමද එහෙම කියන්නේ.
මම බීලා හිටියා කියලා අධිකරණ වෛද්යතුමෙක් හරි පොලිසිය හරි පරික්ෂනයක් කරලා නිගමනය කරන්න ඕන.රටේ හරි නීතිය ඒකයි.අපි රුපියල් දහස් ගණන් වැයකරලා රක්ෂන ආවරණ දානවා.බොරු කියලා ඒවා නොදි ඉන්න මේ බහුජාතික සමාගම් අරදිනවා.මම මත්පැන් පානයකරලා හිටියේ නෑ.මට සාධාරන විසදුමක් නොදුන්නොත් මම ගිනිතියාගෙන මෙතනම මැරෙනවා”
පසුගිය කාල සිමවෙදීම දක්නට ලැබුන දෙයක් නම් මුල්‍ය ආයතන විසින් ජනතාව රැවටීමත් ජනතාවගෙන් අධික ලෙස මුදල් සුරා කමින් තම ලාබ කදු ගොඩ ගසා ගැනීමත්ය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment