කම්කරු අරගල මධයස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, වෙනසක තාරුණ්‍යය, ඒ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය යන සංවිධාන එක්ව අද දින මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ පහත සටන් පාඨ මූලික කරගනිමි.
එම සටන් පාඨ නම්,
පෞද්ගලික අංශයේ රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහි වෙමු!
බලධරයිනි, මැදපෙරදිග රැකියාවල නිරත වන්නන්ගේ ජීවිත අනතුරේ! වහා මැදිහත් වෙනු!
අතට ආදායම් ලැබෙන තුරු ලිසිං ණය වාරික කපා හරිනු!
රැකියාව අයිතියක්! සියලු උපාධිධාරින්ට වහා රැකියා ලබා දෙනු!
රැකියාව අයිතියක්! අත්හිටවූ ව්‍යාපෘති සහකාර පත්වීම් වහා ලබා දෙනු!
ලෝකයම ආහාර අර්බුදයක!
සමාගම් තර කරන - ගොවියා ණය කරන
කෘෂිකර්ම ප්‍රතිපත්තියට එරෙහි වෙමු!
පසුගිය සමයේ කොරෝනා වසංගතය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයේ සේවකයන්ව සේවයෙන් නෙරපීම සහ අර්ධ වැටුප් ගෙවීමේ තත්වය සම්බන්ධව ද මැදපෙරදිග රැකියාවල නිරතවූවන් මෙරටට ගෙන්වා ගැනීමේ දී පාලකයන්ගේ හැසිරීම සම්බන්ධව දක්වන ලද ප්‍රතිචාරයන්ට එරෙහිව හා සියලු උපාධිධාරින්ට රැකියා දෙන බව මැතිවරණ සමයේ සිදු කරනු ලැබූ ව්‍යාජ පොරොන්දුව වලට එරෙහිව මෙහිදී විරෝධය පළ කළහ.
ඒසේම ත්‍රිරෝද සේවකයන්ගේ ජීවනෝපාය අවදානමේ හෙළන ලීසිං හා ණය වාරික කප්පාදු කිරීමට බලකරමින් සහ ව්‍යාපෘති සහකාර පත්වීම් ක්‍රියාවට නගන ලෙසත් ගොවි ජනතාව කොරෝනා වසංගතය මැද මුහුණ දෙන විශේෂ ගැටලු මෙන්ම ඉදිරි ආහාරය අර්බුදය හමුවේ සමාගම් තරකිරීම වෙනුවට ගොවි ජනතාව ශක්තිමත් කරන පිළිවෙතක් ඉල්ලා මෙම විරෝධතාවට ගොවි අරගල ව්‍යාපාරයේ සහභාගි වෙන ලදී
0 comments:
Post a Comment