Thursday, June 25, 2020

සමස්ත ලංකා සෞඛ්‍ය සේවකයන් අතිකාල දීමනා නොගෙවීමේ සටන ජය ගනී



තම අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළ කරමින් බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මැයි 22 වන දින විරෝධතාවක් දක්වන ලදී. අනතුරුව සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජුනි වැටුපට අප්‍රේල් සහ මැයි අතිකාල දීමනාව ලබාදෙන ලෙසය.නමුත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නව බලධාරීන් විසින් පැවසීමත් සමග ජුනි 11, 12, සහ 13 යන දිනවලදී බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූහ. මෙම අරගලයට ඇල්පිටිය රෝහලේ සහයෝගයද ලබාගත් සෞඛ්‍ය සේවකයන්  සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකව පවත්වාගෙන ගියහ. එසේම දකුණු පලාත් සභාවට අනියුක්ත වලස්මුල්ල, තංගල්ල, දෙබරවැව ඇතුළු රෝහල්වලද සේවක විරෝධතා දියත් කෙරිණ.

සෞඛ්‍ය සේවකයන්ගේ අරගලය දියාරු කිරීමේ අරමුණෙන් ඇතැම් වෘත්තීය සමිති අරගලයෙන් බැහැර විය ඒ  අප්‍රේල් මස අතිකාල පමණක් ලබාදෙන බවට ආණ්ඩුකාරවරයාගේ ලිපිය අනුවය.හිඟ සියලු අතිකාල දීමනා ලබාගැනීමේ සටන ඉදිරියට ගෙනයාමට සමස්ත ලංකා සෞඛ්ය සේවක සංගමය ඒ අනූව පියවර ගන්නා ලදී.

දින 06 ක් සේවයෙන් බැහැරව සිට පසුව, ජුනි 17 දකුණු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සෞඛ්‍ය සේවක වර්ජකයන් කැඳවා පැවති සාකච්ඡාවද අසාර්ථක විය. නැවත ජුනි 22 ආණ්ඩුකාරයා සමඟ සාකච්ඡාවක් සඳහා දින ලබා දුන්නද ඔහු විසින් එය මගහරින ලදී.මෙලෙස දිගින් දිගටම සිදු කරනු ලැබූ මගහැරීම් නිසාවෙන් ජුනි 23, 24 අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

ඊයේ (24) දින අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් සෞඛ්‍ය සේවකයන්ට ලැබුණේ ජයග්‍රහණය අර්ධ වශයෙන් සම්පූර්ණ කරමිනි. ජුලි 06 වැනිදා මෙම හිග ගෙවීම් සිදුකරන බවට ලිපියක් රෝහල් අධ්‍යක්ෂ විසින් බලපිටිය රෝහල් සේවකන්ට ලබාදී ඇති අතර දකුණු පලාතට අනියුක්ත අනෙකුත් රෝහල්වලටද ලැබේවී යැයි අප සිතමු.
මේ අතර සමස්ත ලංකා සෞඛ්ය සේවක සංගමය ෆේස්බුක් සටහනකින් පවසා සිටියේ  “නොගෙවූ අතිකාල දීමනා අතට ලැබෙනතුරු අරගලය අවසන් නැති බවය. ඒම සටහනට අනුව, සෞඛ්‍ය සේවකයන්ට දිනාගැනීමට බොහෝ දේ ඇත. එමෙන්ම මෙවැනි ජයග්‍රහණයක් අත්පත්කර ගන්නා ලද්දේ අඛණ්ඩව සටන් කිරීම හේතුවෙනි. එබැවින් අයිතවාසිකම් දිනාගැනීමේ මාවත, සමගිව සටන් වැදීම, බව නැවත සනාථ වූ බව ඒම සංගමය ෆේස්බුක්  සටහනින් පවසයි.

0 comments:

Post a Comment