කොරෝනා වෛරසය ආසාධිත සංඛ්‍යාව හා මියගිය සංඛ්‍යාව සම්බන්ධ තොරතුරු වසං කිරීම, ප්‍රමාණවත් පරිදි කොරෝනා පරීක්ෂණ සිදු නොකිරීම හා ඊට සමගාමීව ජන ජීවිත ආර්ථික හා සමාජීය වශයෙන් බිඳ වැටීම ආදී තොරතුරු ලතින් ඇමරිකානු රටවල් වසං කරමින් තිබේ.
බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ,කොරෝනා තතු හෙළි නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට දී ඇති උපදෙස් නතර කරන ලෙසත් ඒ සියලු තොරතුරු නිරාවරණය කරන ලෙසත් දන්වා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග පැනවූවත් ඔහු එයද නොතකා ක්‍රියා කිරීමට පටන් ගෙන තිබේ.බොල්සොනාරෝ මේ දරුණු වසංගත තත්වය "කුඩා උණ" ලෙස දකිමින් වෛරසයේ බරපතලකම සමච්චලයට ලක් කරමින් ඊට අවශ්‍ය සූදානම, සෞඛ්‍ය පහසුකම් පුළුල් නොකර ජනතාව දැඩි පීඩාවකට යටත් කොට තිබේ.
චිලී හි අගනුවර වන සන්තියාගෝ අවට දුප්පත්ම ප්‍රදේශවලින් එකක් වන, දැඩි ලෙස කොරෝනා රෝගයෙන් බැට කන Puente Alto ප්‍රදේශයේ ජනතාව ආහාරපාන, සනීපාරක්ෂක ද්‍රව්‍ය කිසිවක් නොමැතිව අසරණව සිටිද්දී ඊට මැදිහත් වී ඇත්තේද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අසල්වැසියන් පමණකි.රජය විසින් දෙනු ලබන මූල්‍ය ආධාරය කිසිසේත් ප්‍රමාණවත් නොවීම, විරැකියාව ආදිය හමුවේ එම ප්‍රදේශයේ ලක්ෂ හතරක් පමණ වූ ජනතාව දැඩි පීඩාවකින් පසුවේ.
කොරෝනා වසංගත තත්වය හමුවේ පමණක් නොව ශීත ඍතුව හමුවේ ඉන්ෆ්ලුවෙන්සා හා නිව්මෝනියාව වැනි ශ්වසන රෝගවලින් ද ජනතාව දැඩි තර්ජනයකට මුහුණපාමින් සිටී.
මේ මොහොතේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු රටවල Covid 19 මරණ හා ආසාධිතයින් හතු පිපෙන්නාක් මෙන් වාර්තා වුවත් ඒවා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට තරම්වත් පාලකයන් සමත් වී නොමැත.
සැබවින්ම මේ සෞඛ්‍ය අර්බුදය, විරැකියාව, දරිද්‍රතාව, අපේක්ෂාභංගත්වය ආදී සෑම අර්බුදයක් විසින්ම ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොව නිදහස් සෞඛ්‍ය සේවාවකි. ජීවත් වීමට සුදුසු සමාජ ක්රමයකි.
0 comments:
Post a Comment