Tuesday, June 16, 2020

වැටුප් කප්පාදුවට එරෙහිව සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ඉල්ලා සෞඛ්‍ය සේවකයන් සහ ජනතාව පැරිස් නුවර විරෝධතාවයක..


ක්‍රියාත්මක වෙමින් පැවති නව ලිබෙරල් ආර්ථික ප්‍රථිපත්ති හේතුවෙන් සෞඛ්‍ය සේවය වෙළද භාණ්ඩයක් බවට පත්වීමේ ප්‍රථිපලයක් ලෙස ප්‍රංශයේ නිදහස් සෞඛ්‍ය සේවය පැවතියේ දැඩි අර්බුදයකය.ප්‍රතිපාදන කප්පාදුව, පහසුකම් පුළුල් නොකිරීම වැනි හේතූන් නිසා එ අභාවයට යමින් පැවති අතර එහි ප්‍රථිපලයක් ලෙස කොරෝනා ව්‍යාප්තිය සමග පහළ පාංතික ජනයා සෞඛ්‍ය  පහසුකම් සපුරාගත නොහැකිව දැඩි පීඩාවකට පත්විය.තවද ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සහ නිසි වැටුපක්ද නොමැතිව සේවය කිරීමට සිදුවිම නිසා සෞඛ්‍ය සේවකයන්ද සිටියේ දැඩි ආතතියකින්ය. සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් කිරීම නිසා ඇතිවූ මේ සියළු පීඩාවන්ට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවරට ඒකරාශී වූ දහස් සංඛ්‍යාත ජනතාව සහ සෞඛ්‍ය සේවකයින් වැටුප් කප්පාදුවට සහ ප්‍රමාණවත් උපකරණ සහ සෞඛ්‍ය පහසුකම් නොමැතිවීමට එරෙහිව විරෝධය පළකරමින් පැරිස් නුවර වීදිපුරා රැස්ව සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවෙමින් සිටී.

0 comments:

Post a Comment