Monday, June 15, 2020

සුවවිරුවෝ බඩගින්නේ හොරවිරුවෝ සැප නින්දේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක




පසුගිය මාස දෙක තුළ සිදුකළ අතිකාල ගෙවීම පලාත් සභාව හා ආණ්ඩුව විසින් පැහැර ඇත. ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රතිපාදන නොමැති බවයි. කොරෝනා වසංගතය තුළ ද ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ වැඩ කළ සෞක්‍ය සේවකයන් තම අතිකාල දීමනා නොගෙවීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයන් වෙත එලෙබෙමින් ඇත. මේ අනුව  ඇල්පිටිය බලපිටිය  රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වෘත්තීය සමිති ඇතුළු රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් අද දින  සේවයෙන් ඉවත්වීම ආරම්භ කරන ලදී

මෙහිදී සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන  ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල විරෝධතාව අතරතුර මාධ්‍යට  අදහස්  දක්වමින් මෙසේ පැවසීය.

" තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන ආණ්ඩුව, සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම පැහැර හරිනවා..."

මෙහිදී සේවකයන් සුවවිරුවෝ බඩගින්නේ හොරවිරුවෝ සැප නින්දේ ලෙසින් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුණි







0 comments:

Post a Comment