ගල් කිස්සේ වැලි මුහුදට කසළ ගොඩට
ගල්කිස්ස වෙරළ තීරයට ඊයේ (04) විශාල කසල ගොඩක් ගොඩගැසී තිබිණ.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් වැලි පෝෂක ව්‍යපෘතිය සිදු කිරීමෙන් අනතුරුව අසාමන්‍ය ලෙස මෙලෙස කසළ ගොඩ ගැසී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
එසේම දේශීය විදේශීය සංචාරකයින් අතර ප්‍රසිද්ධ ස්ථානයක් වූ ගල්කිස්ස වෙරළ තීරයේ පසු ගිය දිනයන්හි සිදු කරනු ලැබූ වැලි පෝෂක නම් ව්‍යපෘතියේ ද අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට ද නොහැකි වී ඇත.
මිලියන ගණනින් වැය කරමින් සිදු කරනු ලැබූ වෙරළ ව්‍යපෘතියේ වැලි මුහුදට ගසා ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි විය.
ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියරච්චි, සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා දි වොස් සහ නාඩියා අස්මි විසින් සම්පාදනය කරනු ලැබූ “ගල්කිස්ස වෙරළේ ඛේදවාචකය” නැමති වාර්තාව මගින් මේ පිලිබදව සදහන් කර ඇත.
එහි සදහන් වන්නේ සඳහන් වන්නේ ප්‍රමාණවත් සැලසුම් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් .
එහිදී මූලික වෙරළ ඉංජිනේරු මූලධර්ම පවා නොසලකා හරිමින් ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුව ඇති බවත් ය.
මෙම වෙරළ තීරය වත්මනේ දිස් වන්නේ මේ ආකාරයෙනි සල්ලි වතුරට
0 comments:
Post a Comment