Monday, June 15, 2020

කොරෝනා දෙවන රැල්ල පැතිරීමත් සමඟ චීනයේ බිජිං lockdown කෙරේ.



    චීනයෙන් කොරෝනා වෛරසය අවසන් කර දමා ඇතැයි වාර්තා කර  තිබියදී දැන් නැවතත් එය හිස එසවීම නිසා තවදුරටත් වසංගතය පුපුරා යාමට ඉතා ඉහළ අවධානමක් තිබෙන බව සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.සඳුදා දිනයේ රෝගීන් 49ක් හඳුනාගෙන තිබුණ අතර ඉන් 30ක් බිජිං හි ෆෙන්ග්ටායි දිස්ත්‍රික්කය තුළින් වාර්තා වේ.එහි වූ Xinfadi Seafood සුපිරි වෙළෙඳසැල කේන්ද්‍ර කරගනිමින් එම රෝගීන් වාර්තා වී තිබෙන අතර එහි තවත් රෝගීන් පොකුරක් වාර්තා වීමේ අවදානමක් ඇති බව හදුනා ගැනීමෙන් අනතුරුව වෙළදපොළ වසා දමා තිබේ. බිජිං හි රෝගීන් 55වාර්තා වී සිටියේ විදේශයන්හි සිට පැමිණි  පුරවැසියන්ගෙන් පමණක් වුවත් පසුගිය දින හතර තුළ රෝගීන් 79ක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් Xinfadi Seafood වෙළදපොළට පැමිණි හෝ වෙළදපොළේ සිටි අය සමග සම්බන්ධතා ඇති ඕනෑම සේවකයෙක් සිටි නම් දින 14ක් නිරෝධායනය කිරීමට ඉඩ දෙන ලෙසට සමාගම් වලට නියෝග කිරීමට කටයුතු කර තිබේ. බලධාරීන් කියා සිටියේ මේ වන විට පුද්ගලයින්  70 000ක් පරික්ෂාවට බදුන් කර තිබෙන අතර ඉන් කොරෝනා වෛරසය වැළදී ඇති පුද්ගලයන් 59ක් හදුනා ගෙන ඇති බවයි.

0 comments:

Post a Comment