Tuesday, July 7, 2020

කොවිඩ් පරීක්ෂණ පිටත රසායනාගාරවලට


මෙරට සෞඛ්‍ය අමාත්‍යංශ සතුව කොවිඩ් පරීක්ෂණ කිරීමට හැකියාව ඇති රසායනාගාර 14ක් තිබියදී ඇතැම් පරීක්ෂණ කිරීමට පිටත ඇති පෞද්ගලික රසායනාගාරවලට ලබා දෙන බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ සභාපති අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව පවතින පරීක්ෂණාගාර තුළින් දිනකට  කොවිඩ් පරීක්ෂණ   හාරදහසක් පමණ සිදු කළ හැකි වුවද දැනට සිදු කරනු ලබන්නේ දෙදහසකට ආසන්න ප්‍රමානයක් පමණක් බවත් එසේ තව පරීක්ෂණ කිරීමේ හැකියාව තිබියදී මෙලෙස පරීක්ෂණ පිටතට දීම ව්‍යාකුල තත්ත්වයක් නිර්මාණය කරන බවයි.
කොරෝනා වසංගතයද තම ලබා කුට්ටි ගොඩ ගසා ගැනීම සදහා පෞද්ගලික අංශයන් වෙත ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි. කොරෝනා වසංගතයෙන් මිනිස් ජීවිත බේරා ගැනීමට හැකි වුයේද නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වූ නිසාවෙනි. මෙලෙස ජනතා බදු මුදල් පෞද්ගලික අංශයේ ලබා කුට්ටි ගොඩා ගසා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව වැය කිරීම වහාම නතර කළ යුතුව ඇත.

0 comments:

Post a Comment