Wednesday, July 15, 2020

පැල හිටවන් ආපු ගෝටා පරිසරයට ඇරියා කෙළලා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක, පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුව.



ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් විශේෂ අනාවර්ණයක් දෙකක් ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රජෝති හිමියන් විසින් අනාවරණ කළහ . ලංකවේ පවතින ආර්ථික රටාව ඇතුලේ ජනතාව පීඩාවට පත්ව සිටින බවත් . ඒ පවතින ආර්ථික ප්‍රතිපත්තියේ ගැටලුවක් නිසා ලංකාවේ පරිසර පද්දතියට බලපාන ගැටලු කිහිපයක් හදුනා ගත හැකි බවත් . ඒ ගැටලු අතර පහත රට තෙත් කලාපයේ ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක 5ක දිගින් දිගටම සිදු වුන පරිසර හානි පිලිබදව සදහන් කළ  චන්ද්‍රජෝති හිමියන්  ලංකවේ විදේශවිනිමය ගෙනදෙන එම දිස්ත්‍රික්කවලට ආවේනික බෝග වන තේ රබර් වෙනුවට වතු සමාගම් විසින් ඉතාමත් නිර්ලැජ්ජිත ලෙස තමන්ගේ මූල්‍යමය හැකියාව, දේශපාලන හිතවතුන්ගේ බලපෑමේන්, කටුපොල් වගාව සිද්ධ කරමින් සිටින බව පවසා සිටියහ .
මේ සම්බන්ධව අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ  කටුපොල් වගාව ලෝකෙම ප්‍රතිශේප වුණු වගාවක් බවට පත් වී ඇති බවත්  එම වර්තමානයේ  භාවිතා නොකරන බවය .එසේම  මේ වගාවේන් පරිසරයට, පසට  ජෛව ප්‍රජාවට විශාල හානියක් වෙන බවත් . බොන්න තියෙන වතුර ටික පවා මිනිසුන්ට අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය . මෙම  තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හා  පිළිකාරක හට ගන්න බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවය . ඒ නිසා මේ වගාවට පරිසර සංවිධාන, වෙනත් බහුජන සංවිධාන හා මහජනතාවගේන් බරපතළ විවේඡනයක් එල්ල වී ඇති බවද ප්‍රකාශ කර සිටියහ .
වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ අදහස් දැක්වුහ
 අපේ ඉල්ලීම වුණේ කටුපොල් නීති මගින් තහනම් කිරීම. ගිය අවුරුද්දෙ නොවැම්බර්වල මේ පාලන යාන්ත්‍රණය මාරුවෙනවා. ඊට පස්සේ ගෝඪාභය බලයට එනවා . තිරසාර පරිසර ප්‍රතිපත්තියක් කියන ප්‍රකාශය යටතේ විශාල පොරොන්දු ප්‍රමාණයක් දෙනවා. ඔහු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පටන්ගන්නෙත් පැලයක් ඉන්දලා. ඒ පරිසරය ප්‍රතිපත්තියේ සඳහන් වෙනවා කතාකරන මිනිසුන් පමණත් නෙවෙයි කතා කරන ජෛව ප්‍රජාව, කතා කරන්න බැරි සත්තුන්ගේ අයිතීන් පවා රකිනවා සුරකිනාවා කියලා. එහෙම පොරොන්දු දිලා බලයට ආපු ගෝඪභය රාජපක්ෂ මහත්තයට, වැවිලි කර්මාන්ත ඇමැතිවරයට පරිසර සංවිධාන 18ක් එකතු වී මේ කාරණාව ඉදිරිපත් කළා. ඒ එකකටවත් ඔවුන්ට උත්තර දෙන්න බැරිවුණා.

අපි පසුගිය මාර්තු මාසයේ 12 වනදා මේ දිස්ත්‍රික්ක පහේ ජනතාව හා මහා සංඝරත්නය සමග පසුගිය 12 වනදා ජනාධිපතිවරයා හම්බුවෙන්න ගියා.එත් අපිට  සාකච්ඡාවක්වක්වත් දෙන්න බැරි උන ඔහුට. ලක්ෂ සංඛ්‍යත මිනිසුන්ගේ ප්‍රශ්නයට සාධාරණයක් ඉටු කරන්න බැරිවුණා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියනවා කටුපොල් තහනම් කිරීමට අදාළව කටයුතු කරනාවා කිව්වා.
නමුත් ජූලි  1 වනදා තීරණයක් ගන්නවා 2005/1 පරිසරටය සම්බන්ධ චක්‍රලේඛය අහොසි කරන්න. මේ අහෝසි කරන්න කියාල ඉල්ලීමක් කළේ කවුද? බහුජාතික සමාගම්වටල බදු දෙන්න 2001/1 චක්‍රලේඛය අහෝසි කරලා තියෙනවා. මේක හොඳන් තේරුම් ගන්න. දීපු පොරොන්දු ඉටු කරන්න බැරුව දැන් 3/2ක බලයක් ඉල්ලනවා. සියට 30කින් වන රක්ෂණය වැඩිකරවා කියාලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා. මේන දැන් අවශේෂ වනාන්තර අහෝසි කරන් චක්‍රලේඛ හදනවා. මහා පරිමාන වැලි ජාවාරම් කාරයන්ට වැලිකොල්ල කන්න අවස්ථාව ලබාදීල තියෙනවා. මීට දින කිහිපයට පෙර වැලි නිසා ළමයෙක් මිය ගියා. අද පොලිස් නිලධාරියෙක් මිය ගිල්ලා තියෙනවා. ජාවාරම් කාරයටන්ට ඉඩහසර සලසලා දිපු ආණ්ඩුව මේ මරණවලට වගකියන්න ඕන.

අපි අහනවා දිස්ත්‍රික් 5ක ඉල්ලීමට ඇයි ඔබට ඇහුම්කන් දෙන්න බැරි. ඔබට තුට්ටුදෙකේ ලබාභයට වඩා වතු සමාගම්වල්න ලැබෙන මුදල කීයද? වතුනමාගම්වලින් රමේස් පතින ඇමැතිවරයාට කීයක් වියදම් කරනවාද, ඒ නිසා නේද ඔබට වතුසමාගම්වලට එරෙහිව කටයුතු කරන්න බැරි. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයට මේ වතු සමාගම් නියාමනය කරන්න බැරි ඇයි. වෙන කිසිවක් නිසා නෙවෙයි වතු සමාගම් මැතිවරණය වියදම් කරන නිසා. බලයට පත්වෙන්න ඉන්න පාලකයෝ කළේ ජනතාව ඇන්දවීම. දැන් කටුපොල් ඉන්දුවේ නැති වුණාට 5 වෙනිදාගෙන් පස්සේ කටුපොල් ඉන්දනවා. පොදුජන පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, සජිත්ගේ පක්ෂයට ඡන්දය දෙන් බලාපොරොත්තු වෙනවානම් ඔවුන් බලට ආපසු ඔබේ ඉඩම් ටික ආරක්ෂා කරගන්න බැරිවෙයි. ඒ නිසා අපි කියනවා ඔබ වෙනුවෙන් සටන් කළ බලවේගයට ඔබේ ඡන්දය දෙන්න.

0 comments:

Post a Comment