Sunday, July 19, 2020

පසුගිය මාස හය තුළ එංගලන්තයේ ළමා මන්දපෝෂණය පිළිබඳ සිද්ධීන් දෙගුණයකින් ඉහළට



වසරේ මුල් මාස හය තුළ ළමුන් 2500 කට ආසන්න ප්රමාණයක් මන්දපෝෂණයෙන් රෝහල් ගත කර ඇත - පවුල් බොහෝ දරිද්රතාවකට ඇද වැටී ඇති බවත් දරුවන් පෝෂණය කර ගැනීමට පවා නොහැකියාවකින් පෙළෙන බවත්, වසංගත තත්වය එම ගැටලුව තීව්ර කර ඇති බවත් වාර්තා වේ.
මන්දපෝෂණයෙන් පෙළෙන වයස් ඛාණ්ඩවලට වෙන් කරමින් රෝහල්වලට ඇතුළත් කර ඇත.
මන්දපෝෂණය හේතුවෙන් වයස අවුරුදු 16 ට අඩු රෝහල් වලට ඇතුළත් වූ රෝගීන් පමණක් 11,515 ක් ලෙසින් වාර්තා වේ. එහෙත් මුළු රෝගීන් ගණන ඊට වඩා වැඩි යැයි උපකල්පනය කෙරේ.
මන්දපෝෂණය සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් සීමා වූ ගැටලුවක් බව තවමත් විශ්වාස කෙරෙන කරුණකි. කනගාටුවට කරුණ නම් මෙය සත්යයක් නොවේ. අද එක්සත් රාජධානියේ දහස් ගණනක් වූ ජනයා මන්දපෝෂණය නිසා පීඩා විඳිමින් සිටීම ඊට හොඳම උදාහරණයයි.

0 comments:

Post a Comment