Sunday, July 19, 2020

හෙදියන් නැති දැඩි සත්කාර ඒකකයක්



මිගමු රෝහලේ ඉදි කරනු ලැබූ අලුත් දැඩිසත්කාර ඒකකයේ හෙදියන් නොමැති වීමෙන් එහි කටයුතු අඩාල වී ඇතයි රෝහල් ආරංචි මාර්ග පවසයි. පෞද්ගලික ආයතනයක උපකාර ඇතිව ඇදන් 10කින් සමන්විත මෙම දැඩිසත්කාර ඒකකය ගොඩ නැගීමට හැකි වුයේ විශේෂඥ වෛද්යවරුන්ගේ දැඩි කැපවීම මත බවත් එසේ ගොඩ නැගු දැඩි සත්කාර ඒකකය සෞඛ්ය ඇමැතිනිය හා ලේකම් ඇවිදින් විවුර්ත කර ගියද එම ඒකකයට අදාල හෙදියන් මේ වන විටත් ලබා නොදීම හේතුවෙන් ඇදන් හතරක් පමණක් භාවිතයට ගැනීමට හැකි වී ඇත්තේ බව ඔවුන් පවසයි. රෝහල් අධ්යක්ෂක මගින් මේ පිළිබදව දිගින් දිගටම දැනුවත් කළ ද මෙයට තවමත් විසදුමක් ලබා නොදුන් බවත් ඔවුන් වැඩි දුරටත් ප්රකාශ කර සිටියහ. කොරෝනා වසංගතය මුහුණ දීමට ලංකාවේ පැවතියේ දැඩි සත්කාර ඇදන් 600කටත් අඩු ප්රමාණයකි එසේ පවතින වාතාවරණයක් තුළ මෙලෙස ඉදිකර ඇති දැඩි සත්කාර ඇදන් ද භාවිතයට ගැනීමට කටයුතු නොකිරීම රජය සෞඛ්ය කෙරෙහි දක්වන ආකල්පයට හොදම නිදර්ශනයකි. එසේම රජය විසින් සෞඛ්යට මුදල් ප්රතිපාදන කපා හරින මොහොතක පෞද්ගලික අංශයේ උපකාර ඇතිව මිගමු රෝහලේ ඉදි කරනු ලැබූ දැඩි සත්කාර ඒකකයට මෙලෙස නොසලකා හැරීම මගින් සිදු වන්නේ එම ඒකකයද වසා දැමීමට සිදු වීමය . කොවිඩ් ජය ගත්තා යයි පාරම් බන ආණ්ඩුවේ සෞඛ්ය ප්රතිපත්තියේ සැබෑ නිරුවත මෙයයි

0 comments:

Post a Comment